Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෙන්න යහපාලනය -නල්ලූර් හීදී පොලිසිය මාධ්‍යවේදීන් ඝාතනයට උත්සහයක්!

පිරිසිදු පානීය ජලය වෙනුවෙන් ජනතාව සිදුකරන අරගල පිළිබදව පුවත් රැස්කරමින් සිටි තරුණ මාධ්‍යවේදීන්ව ඝාතනය කිරීමට පොලිස් නිලධාරින් උත්සහයක යෙදුනු බව උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ 07 වන දින රාත්‍රියේ නල්ලූර් හිදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තියුණු ආයුධ රැගෙන, මාධ්‍යවේදීන්ව ඝාතනය කිරීමේ අරමුණින් ලුහු බැඳ තිබේ.

මෙසේ පොලිසිය ඝාතනයට උත්සහ කර ඇත්තේ තිනකුරල්, දෙරණ සහ ආසියානු ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන මාධ්‍යවේදීන් වේ.

නල්ලූර් හීදී අඛණ්ඩව පවත්වන උපවාසය පිළිබඳව පුවත් රැස් කරගෙන කාර්යාලය වෙත යමින් සිටි මාද්‍යවේදින්ව ඝාතනය කිරීමේ අරමුණින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මත්පැන් පානය කර, තියුණු ආයුධ සමඟ සන්නද්ධව යතුරු පැදියකින් නල්ලූර් මාර්ගයේ රැකසිට ඇත. (යතුරු පැදියේ අංකය BAL 2172) 

මේ පිළිබදව විමසිලිමත්වු මධ්‍යවේදීන් ජිවිතය බෙරාගැනීමට පලා යැමේදි, අදාල පොලිස් නිලධාරින් දෙදෙන අරියකුළම් මන්සංදිය දක්වා ඔවුන්ව ලුහුබැඳ ඇත. එක් පොලිස් නිලධාරියෙකු හිසු වැසුමක් පැලද සිටි අතර, අනෙකුත් නිලධාරියා හිස් වැසුමක් පැළද සිට නෑ.

පොලිස් නිලධාරින් පලඳින ටී ෂර්ට් ඔවුන් දෙදෙන පැලඳ සිටි අතර, එම සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදි, අදාල පොලිස් නිලධාරින් ගමන්කල යතුරු පැදිය එහි නවතා තබා තිබේ. සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පැමිණිලි කිරීමට පෙර, තමන් මාධ්‍යවේදීන් බව හදුන්ව දෙන තොරතුරු ඇතුලත් හැදුනුම්පත් පොලිසියට ඉදිරිපත් කළත්, ඔවුන් එය පිළිගෙන නෑ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments