Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » අලි හලන "මෛත්‍රී" මෙහෙයුම ඇරඹෙයි

එලබෙන මහා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පරාජය කොට රනිල් වික්‍රමසිංහ පන්නා දැමිමේ මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ කුමණත්‍රණයක් අනාවරණය වි තිබේ. පසුගිය දිනකිහිපය තුල LNW විශේෂ ඔත්තුකරුවන් මෛත්‍රීපාලනය මෙහෙයවන ප්‍රධානින් රැසක් පසුපස දියත් කල මෙහෙයුමකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.(සමහර ප්‍රකාශයන්ට අදාල පටිගත කල හඬ පටද අප සතුව පවති)

මෙම කුමණ්ත්‍රණයේ පලමු පියවර ලෙස ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරවිම සහ ඒ හරහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව රජය විසුරුවාලීමට ක්‍රියාකිරිමට අදාල කරුණු මේ වනවිට ඉටුකරමින් සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටද දැනුම්දි තිබේ.මිට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙසට පත්කිරිමට මේ වනවිට හිටපු සන්ධාන ප්‍රබලයන් වන විමල් වීරවංශ ,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානයක්කාර ගෙන යන අරගලයට සහය දැක්විමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කර තිබෙන අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයිමටද උපදෙස් ලබාදි තිබේ.

තවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග පමණක් වැඩසටහන් සදහා සහභාගි වන ලෙසට හිටපු ජනාධිපතිනිය කර තිබු ඉල්ලිමටද සහය දැක්විමට මෛත්‍රීපාල සිරිසේන තිරණය කර ඇති බවද අප  LNW විශේෂ ඔත්තුකරුවන් සදහන් කළා.ඒ අනුව ගෙවුනු දින 2ක තුල තිබුනු ප්‍රධාන පෙලේ උත්සව සදහා සහභාගි කරගෙන ඇත්තේ හිටපු ජනාධිපතිනිය පමණි. නිදහස් උත්සවයෙදි පැවති සම්ප්‍රදායන් සියල්ල කඩමින් ජනාධිපතිවරයාට පෙර අගමැතිගෙන් පසුව  හිටපු ජනාධිපතිනි ප්‍රධාන පීඪය වෙත කැදවාගෙන ආවේද ඒම නිසා බවද වාර්තා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments