Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මම 18 නුගේගොඩට එනවා

නුගේගොඩ නගරයේ පැවැත්වෙන බෙදුම්වාදීන්ගෙන් රට බෙරාගැනිම සදහා වන එතිහාසික අරගලයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විමට නියමිත බව අප විශේෂ LNW වාර්තාකරු සදහන් කළා.අද (09) වැලිකඩ බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහා ලේකම් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා බැලිමට පැමිණිමෙන් පසුව කොළඹ පැවති විශේෂ හමුවකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා තිබේ.

"මම ආපහු  දේශපාලනයට එන්න හිතන් හිටියේ නෑ ...එ උනාට මේ රට විකුණන්න දෙන්න බෑ..... පාක්ෂිකයනට හිරිහැර කරනවා ...ඉවරයක් නෑ.."

"මම එනවා...... ඒ විතරක් නොවේ... තව මාස දෙකකින් අපේ ආණ්ඩුවක් හදනවා...."  යනුවෙන්ද  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසු බව LNW වාර්තාකරු සදහන් කළා.

මේ අතර අද කොළඹ මාධ්‍ය හමුවක් කැදවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ) හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්ත පළකර සිටියා.

අපේ සටන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට එරෙහිව නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට හැකි "එකම බලාපොරොත්තුව" මහින්ද රාජපක්ෂ පමණයි.





About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments