Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යහපාලකයෝ කබලෙන් ලිපට වැටේ

අධ්‍යාපන සමූපකාර සාමාජිකයාට නව යහපාලන ආණ්ඩුව යටතේ සිදුව තිබෙන්නේ යලිත් කබලෙන් ලිපට වැටීමට බව සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සිදුකළ පරිදිම දේශපාලන බලය යොදවා නීතිය නොසලකමින් සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියට නැවතත් නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම කටයුතු කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සදාචාරය තුට්ටුවකටත් මායිම් නොකර මේ රටේ අති බහුතරයක් ගුරුවරුන්ගේ සාමාජිකත්වයෙන් හා මුදලින් පවත්වාගෙන යනු ලබන සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතිය හෙවත් අධ්‍යාපන සමූපකාරය එහි සාමාජික පාලනයෙන් උදුරා ගනිමින් තම දේශපාලන බලය යොදවමින් සමිතියට නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත්කොට එමගින් වසර 03 කුත් මාස 08 කට අධික කාලයක් සමිතිය පාලනය කරමින් සාමාජික මුදල් කෝටි 3150 කට අධික මුදලක් අවභාවිතා කර තිබේ.

රාජ්‍ය අරමුදල් කිසිවක් යොදවා නොමැති මෙකී සමිතියේ සම්පූර්ණ අයිතිය සාමාජිකයා සතුවන අතර සමූපකාර පනත හා මෙම සමිතියේ අතුරු ව්‍යවස්ථාව අනුව මෙම සමිතියට අතුරු පාලක මණ්ඩල පත්කිරීමට කිසිදු නීතිමය ඉඩක් නොමැත.එසේ හෙයින් යම් දේශපාලන බලපෑමකට අනුව අතුරු පාලක මණ්ඩලයක් පත් කළද එය සම්පූර්ණ නීති විරෝධී එකක් වේ. මෙම සමිතියේ නිල අයිතිය හිමි සාමාජිකයින්ගේ නිලවරණයක් පවත්වා තෝරාගන්නා නියෝජිත මහසභාවක් හා ඉන් තෝරාගන්නා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් විසින් මෙම සමිතියේ පාලන කටයුතු සිදුකළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ වගකීම වන අතර මේ සඳහා ඔහු තමන්ට සමූපකාර පනතින් ලබාදී ඇති බලතල අනුව කි‍්‍රයාකරමින් නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධව විෂයභාර ඇමතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටීම හෝ ඔහුගේ නියෝග පිළිපැදීම අවශ්‍යවන්නේ නැත.

නමුත් දේශපාලන බලය හමුවේ නීතියේ සාධාරණත්වය, ප‍්‍රජතන්ත‍්‍රවාදයේ සමානාත්මතාවය හා සදාචාරය යටපත් කරමින් අවනීතය, අසාධාරණය, අයුක්තිය කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය අවුරුදු 04 කට ආසන්න කාලය තුළ අධ්‍යාපන සමූපකාරයේ සාමාජිකයින්ට තම සමිතියේ පාලනය ලබා ගැනීමේ ඉඩකඩ මුළුමනින්ම අහුරා තිබුණි. මේ සම්බන්ධව තම දැඩි සන්සුන්කමත් හා විරෝධයත් පළ කරමින් ඒ වෙනුවෙන් රටේ දේශපාලන බලය වෙනස් කිරීම දක්වා බලපෑම් සහගතව කටයුතු කළ අධ්‍යාපන සමූපකාර සාමාජිකයාට නව යහපාලන ආණ්ඩුව යටතේ සිදුව තිබෙන්නේ යලිත් කබලෙන් ලිපට වැටීමටයි.

2015.02.06 දින ඔබ සමග අප සංගමය සිදුකළ සාකච්ඡාවේදී හා ඉන් අනතුරුව දුරකථනය හරහා සිදුකළ සංවාද වලදීත් යළි නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් මෙම සමිතියට පත් නොකරන ලෙසද සමිතියේ අතුරු ව්‍යස්ථානුකූලව සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතු තාවකාලික අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කරවීමට ඉඩ සලස්වා කඩිනමින් නිලවරණයක් පවත්වමින් සාමාජික නියෝජිත මහ සභාවක් හා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් සමිතියට පත්කිරීමට කටයුතු සලස්වන ලෙස ද ඔබගෙන් ඉල්ලා සිටියද ඔබ ඒ කිසිවක් නොසළකා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සිදුකළ පරිදිම ඔබගේ දේශපාලන බලය යොදවා නීතිය නොසලකමින් සාදාචාර විරෝධිවත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධිවත් කටයුතු කරමින් මෙම සමිතියට යළිත් නීතිවිරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත්කර තිබේ.

නව ආණ්ඩුවේ යහපාලනය තුළින් අඩුම තරමින් තමන්ට හිමි අධ්‍යාපන සමූපකාරයේ පාලනයක් ඇතිකර ගැනීමට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිලවරණයක් ලබා ගැනීමට හෝ ඉඩකඩ විවරවේ යැයි තිබූ බලාපොරොත්තුවද සුණු විසුණු කරමින් ඔබ විසින් යළිත් වරක් මෙම සමිතියට නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධව අති බහුතර සාමාජික ගුරුවරුන් සමග අප සංගමයේ දැඩි විරෝධය පළකර සිටින අතර ඉදිරියේදී සාමාජික අයිතිය දිනාගන්නා තෙක් ඔවුන් සමග එක්ව අඛන්ඩ කි‍්‍රයාමාර්ග ගන්නා බව ද අවධාරණය කර සිටිමු.


මහින්ද ජයසිංහ 

ප‍්‍රධාන ලේකම් 
ලංකා ගුරුසේවා සංගමය


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments