Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » වෙලේ සුදා කැලේ පනී

යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු  සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා දැන් දැන් යහපාලකයන්ගේ යම රජු වි තිබෙන් බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

විරයෙකු ලෙස වෙලේ සුදා අත් අඩංගුවට ගෙන් රාජපක්ෂ රජයේ විවිධ පුද්ගලයන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක් කිරිමට සිටියද සුදා අනාවරණය කර ඇති කරුණු වලට අනුව වැරදිකරුවන් සියලුම් දෙනා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විම හෙතුවෙන් යහපාලක ආණ්ඩුව අන්දොස් වි සිටින බවයි.එම හේතුව නිසාම වෙලේ සුදා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සැපයිම් සහ ප්‍රවෘති පලකිරිමද වහාම නතර කිරිමට කටයුතු කරන ලෙසට යහපාලක බලධාරින්ට රජයේ ඉහලින් නියෝග ලැබි තිබේ.

පසුගිය දිනක දුමින්ද සිල්වා අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි ජහපාලක රජයේ අයිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතුරුලියේ රතන හිමියන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..මම් රනිල් කියන නිසා දුමින්දව ගන්නේ නෑ කියන්නේ බොරුවක්..ප්‍රශ්ණය එක නොවේ දුමින්ද ගත්තොත් අනිත් එවුන්වත් ගන්න වෙනවා හිටන්,...එහෙම උනොත් ආණ්ඩු කරන්න වෙන්නේ නෑ ....

නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව දකින්නට තිබේන්නේද එම නිසාය.


වෙලේ සුදා මහා පතරංග ජාතකයක් වමාරා ඇතත්, තවමත් අත්අඩංගුවට ගත් අයෙක් නොවේ. ඔහු කැලේ පැන්නීමේ වුවමනාවක් මේ ආණ්ඩුවට ඇතැයි යන්න නම් තහවුරුවෙමින් පවතීන අතර  හෙට දවසේ වෙලේ සුදාද පොලිසියට පහරදී පලායන්නට හදද්දී මියයෑමට පුළුවන. නැතහොත් අධිකරණයට ගෙන ඒමේදී ඝාතනයවීමට ඉඩ ඇති බවයි LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments