Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » අලියට ආසන 55යි...TNA ආසන 11 බසී..ජෙප්පන්ට ආසන 2යි ...ෆොනීට දෙකත් නැති වෙයි....

එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.

ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.

සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.

මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.

ඔහුන් පෙන්වා දෙන්නේ  2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA  2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments