Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ඊළාම් සටනට කළු කොටි සුදානමින්

දෙමළ ඊළාම් වීර විමුක්ති සටනේදී, ජනතාවගේ ජාතික විමුක්තිය පමණක් තමන් තුල අරමුණක් කරගෙන, යකඩ මිනිසකු ලෙස ඕනෑම බාධකයක් බිඳ දමමින් මාතෘ භූමිය ආරක්‍ෂා කල ගොඩබිම, මුහුදු සහ ගුවන් කළු කොටි ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල බවත් තමන්ගේම රටක් වෙනුවෙන් අප තබා තිබු බලාපොරොත්තු යලිත් කඩා වැටෙමින් තිබේන බව ස්විට්සර්ලන්තයේ Bern ප්‍රාන්තයෙදී කළු කොටි සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කියා තිබේ.

ඊළාම් දිනාගැනිමේසටන වෙනුවෙන් තවත් දස දහස් ගණනින් වුවද ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරිමට කළු කොටි හමුදාව සුදානම් බවයි එහිදි අවධාරණය කර ඇත්තේ.

කළු කොටි අනුස්මරණ දිනය පසුගිය 5 වන දින උත්කාර්ශවත් අන්දමින් ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජනතාව සමරා ඇති අතර එම අවස්ථාවට දේශපාලන රැකවරණය පතා ස්විට්සර්ලන්තයට පැමිණි සිටින මාධ්‍යවේදීන් යැයි හදුන්වන කිහිප දෙනෙකුද සහභාගී වි සිටි බව අප ස්විට්සර්ලන්ත වාර්තාකරු සදහන් කළා.

ජනතාව විසින් කළු කොටි සාමාජිකයින්ගේ ඡායාරූප වලට පුෂ්පෝපාහර දක්වා, ඔවුන්ට ගෞරවය පුදකර ඇත. පසුගිය කාලයේ සිට මේ දක්වා දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය විසින් සැළැසුම් සහගතව අඛණ්ඩව සිදුකරමින් සිටින දෙමළ ජාති ඝාතනයේ සාක්ෂියක් ලෙස ඇති “ මෙය ජාති ඝාතනයක්ද? නැද්ද?” යන වාර්තාමය චිත්‍රපටය මෙහිදි තිරගත කර තිබේ.

‘ජනතා විප්ලවයක් ඇතිකර, ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවමු’ යන ත්‍යාගි තිලිපන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අප සියළුදෙනා සමඟි බලයෙන් කටයුතු කිරීමට, සැත්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිශ්‍රයට රැස්වන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments