Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » වෙබ් අලුගෝසුවන් රට ගිනි තියන්න හදනවා- ප්‍රවේශම් සහිතව කටයුතු කරන්න

ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රගතිශිලී කණ්ඩායම නාමයෝජනා බාරදි අවසන් වනතුරු ප්‍රවේශම් සහිතව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් වලින් සහ සමස්ත ශ්‍රි ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටින බව සන්ධාන හා ශ්‍රිලනිප මහා ලේකම්වරුන් සදහන් කර සිටි.

අප විශේෂ වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතා සදහන් කළේ එජාපය ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් වල මුදල් මත යැපෙන වෙබ් මාෆියාවේ අලුගෝසුවන් මෙහෙයවන වෙබ් අඩවි මේ වනවිට අසත්‍ය වපුරමින් සිටින බවයි.එම නිසා අසත්‍යයට යට නොවී  සත්‍ය වටහා ගැනිමෙන් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර කිසිදු බෙදිමක් ඇති වි නොමැති බවත් මේ වනවිට නාමයෝජනා සැකසිම සම්පූර්ණයෙන් අවසන් කර තවදුරටත් එවා පිරික්සමින් සිටින බවයි.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments