Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » විකල්ප මාධ්‍ය නමින් පෙනී සිටිමින් රනිල්ගේ ගූ කන මාධ්‍ය

සාධාරණය සහ යහ පාලනය වෙනුවෙන් පෙනීසිටින " සිවිල් සමාජ ක්‍රියාකාරිකයකුගේ" නිරුවත. 

W3LANKA  යනු සමාජ සාධාරණත්වය සහ යහපාලනය වෙනුවෙන් පෙනීසිටින වෙබ් අඩවියක් වන අතර මෙහි කර්තෘවරයා වන්නේ මතුගම පදිංචි ඉංග්‍රීසි ගුරුවරයකු සේම " සිවිල් සමාජ ක්‍රියාධරයකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතාය. එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. " ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු." බැලූ බැල්මටම ඔහුගේ ප්‍රවේශය අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදීය.

ඊයේ ඔහු " මෛත්‍රීපාල මහින්දට චෙක්මේට් වීම හා පුරවැසි දේශපාලනය" යන ලිපිය පළකර තිබූ අතර එය අද දින වෙළඳපලට නිකුත්වන ලබන ඉරිදා රාවය පුවත්පතේද පලවී ඇත. මේ සම්බන්ධයෙන් මම අද උදැසන කමෙන්ටුවක්  පල කලේ එහි අඩංගු කරුණු කීපයක් සම්බන්ධයෙනි. එම වෙබ් අඩවියේ සැකැස්ම අනුව නිර්නාමික අදහස් පළමුව කතුවරයා වෙත යොමුවේ. මගේ කමෙන්ටුව මෙසේය. 

"  දේශපාලන පක්ෂයක මැතිවරණ අපේක්ෂක නාම  යෝජනාවන්ගෙන්  නියෝජනය වියයුත්තේ පාක්ෂිකයන්ගේ වැඩිම කැමැත්ත ඇති අපේක්ෂකයන්ය. මක්නිසාද යත් මැතිවරණ ජයග්‍රහණයක්‌   සඳහා ඕනෑම අපේක්ෂකයකු මූලිකවම තමන් අයත්වන පක්ෂයේ චන්ද ලබා ගතයුතු   වන හෙයිනි. පාවෙන චන්ද දිනාගත හැකිවනුයේ ඉන් පසුවයි. එසේම අපේක්ෂකයන් තේරීම දේශපාලන පක්ෂයක අභයන්තර කටයුත්තකි. ඕනෑම මැතිවරණයක් සම්බන්ධ යථාර්තය එයයි.   

මහින්දට නාම  යෝජනා නොදෙන්නයි අරගල කරන අය කළයුතුව තිබුණේ ශ්‍රීලනිප   සාමාජිකත්වය ලබාගෙන ශ්‍රීලනිපය  තුළ සහ එජනිස තුළ  එම අරගලය දියත්කිරීමයි. අවශ්‍ය  නම් දැන් වුවද එය සිදුකළ හැකිය. යම් පක්ෂයක සාමාජිකයකු නොවී එම පක්ෂයේ අභයන්තර කටයුතුවලට මැදිහත්වීමේ සදාචාරයක් මට නම් නොවැටහේ. එජාපය හෝ ජවිපෙ හෝ වෙනත් මොනයම්ම දේශපාලන පක්ෂයක්වත් ඔය කියන සිවිල් සමාජය   පක්ෂයේ අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා සහභාගී කරවා ගන්නේ  නැත. මහින්ද සහ ඔහුගේ අනුගාමිකයන්ට නාමයෝජනා ලැබීම පාක්ෂිකයන්ගේ කැමැත්ත  නියෝජනය නොකරන්නක්නම් අනිවාර්යයෙන් ඔවුන් මහා මැතිවරණයෙන් පරාජය වනු ඇත.මක්නිසාද යත් පෙර සඳහන් කළ පරිදිම මැතිවරණයක් ජයග්‍රහණය  කිරීමට මුලිකවම වැදගත් වනුයේ පාක්ෂිකයන්ගේ  චන්දය.

පැරා කියන පරිදි නම්  මහින්දගේ පාලන කාලය තුළ දුෂණ භීෂණ හැර වෙන කිසිම හරවත් දෙයක් සිදුවී නැත. ඒ අනුව  2014 වසර සඳහා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ  ගේ මහ බැංකු වාර්තාවේ සඳහන් වන ධනාත්මක සංවර්ධන දර්ශකයන්ද, බැඳුම්කර නිකුතුව මෙන්ම මගඩි  නාටක පිටපතක් වන්නට පුළුවන. මහින්ද පිළිබඳව මටද විවේචන ඇත.නමුත් ඔහු රටට කුමන හෝ සේවයක් නොකළ නායකයකු ලෙසට හැඳින්වීමට තරම් මා කුහක නැත.එසේම ශ්‍රී  ලංකා දේශපාලනය තුළ භාවිතා වියයුතු " check and balances" න්‍යායන්   සඳහා මහින්දගේ පැවැත්ම අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය සාධකයකි.

එසේම පැරා මෙසේ සඳහන් කරයි "එයට ඇති ජන පදනම ද එම සමාජ දේශපාලන ක්‍රමයේ පදනම මිස අන් යමක් නො වේ. රාජපක්ෂ ක්‍රමය  තුළ දූෂණය, භීෂණය, නීතියෙන් මුක්තිය හා අයුක්තිය විමධ්‍යගත  කරන ලදී. මේවායින් වරප්‍රසාද  ලබන අලුත් පෙළැන්තියක් ගොඩනැගිණි. ඔවුහු දේශපාලන වශයෙන් බලය තහවුරු කර ගත් හ.රාජපක්ෂ ක්‍රමය  යළි නගා සිටුවීමට උත්සාහ කරන බලවේගයෙන් සැලකිය යුතු කොටසක් මේ චෞර යාන්ත්‍රණයේ  පාර්ශ්වකරුවෝ ය."  මෙහිදී යමක් පැහැදිලි නැත. එනම් ඔය කියන ක්‍රමය  ක්‍රියාත්මකවූ  කාලයේදී ගොඩනැගුනු අලුත් පැලැන්තියට  සිරිසේන පවුල අයත් නොවන ආකාරයයි.

සැබවින්ම මහින්ද යටතේ ක්‍රියාත්මක වූ  ශ්‍රීලනිපයෙන් සැලකිය යුතු කොටසක් අධමයන් බවට පත්ව ඇත්නම් නම් ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රී විසින් සිදුකළව තිබුනේ තමන් පරාජය කිරීමට  උත්සාහයක යෙදුනු එම පක්ෂයයේ නායකත්වය ලබාගැනීම නොව  තමාව බලයට ගෙන ඒම සඳහා " මහා පරිශ්‍රමයක් දරූ එමෙන්ම  ජනවාරි 08 විප්ලවයේ ගිනි සිළුව යයි හඳුන්වා ගනු ලබන විදග්ධ සිවිල් සමාජ ව්‍යාපාරයට " නායකත්වය දෙමින් නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස කටයුතු කිරීමය. 

එසේම පැරා මෙසේ සඳහන් කරයි " මහින්ද රාජපක්ෂට හා ඔහුගේ චෞර නඩයට ජනාධිපතිවරයා හා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු මට්ටු කිරීමට ඉඩ නො දිය යුතු ය. එය වැළැක්වීමට අවශ්‍ය  ශක්තිය ශ්‍රීලනිපය තුළ නැති නම් පුරවැසියන් වශයෙන් පිටතින් ඒ ගැම්ම ලබා දීමට කටයුතු කළ යුතු ය." ඔය කියන ශක්තිය මෛත්‍රී ලබා ගත යුත්තේ ශ්‍රීලනිපය තුළින්මය. එහි පාක්ෂිකයන් තුළින්මය. නැතහොත් ඇතිවනුයේ විකෘතියකි. එසේම එවැනි හැකියාවක් නොමැති පක්ෂ නායකයකු සාර්ථක ජනාධිපතිවරයකු වන්නේ කෙසේද යන ප්‍රශ්ණය  පැනනැගී.

"පුරවැසියන්" ට කළහැකි එකම දෙයනම් මාධ්‍ය  අවකාශය පුරවමින් බණකීමය. නමුත් මොන යම් පක්ෂයක බලු බල්ලෙක්වත් ඔය බණ අහන්නේ නැත. එනිසා පැරා ද කලයුත්තේ  ගොඩ ඉඳන් නැව් පෙරලීමට යාම නොව  පක්ෂ සාමාජිකත්වය ලබා  වර්තමාන ශ්‍රීලනිප යන සැඩ  මුහුදට බැස මහින්ද යන නැව පෙරලීමය.      

මෙය පැරා  බොහෝවිට පල නොකරනු ඇත. නමුත් ඔහු සිරිකොතට කුලියට ලියන්නෙක් ලෙස මා හඳුන්වන්නේ නැත. ඔබ මෙය පල නොකළහොත් මා විකල්ප ක්‍රමයක්  භාවිතා කරමින් ඔබට පිලිතුරුදෙනු ඇත." 

මෙම කමෙන්ටුව පලකිරීම වෙනුවාට  අජිත් පැරකුම් ජයසිංහ මහතා සිදුකලේ එය වාරණයට ලක්කිරීමයි. මා විශ්වාස කරණුයේ මෙයට හේතුව නම් මා විසින් නගන ලද ප්‍රශ්ණ වලට ඔහුට පිළිතුරු  නැතිවීමයි.මෙම ලිපිය සම්බන්ධයෙන් මෙතෙක් පලවී ඇති කමෙන්ටු බොහොමයක්‌ මහින්ද වීරෝධී වන අතර මෙයින් ඔහු උත්සාහ කරන්නේ සයිබර් අවකාශය තුළ මහින්ද විරෝධයක් ඇතිබව මවා පෑමය.

කමෙන්ටු පලකිරීම හෝ නොකිරීමට වෙබ් හෝ බ්ලොග් අඩවියක කර්තෘට ඇති නිදහස මම ප්‍රශ්ණ නොකරමි. නමුත් විකල්ප අදහස් අගයන බව සහ එම අදහස් නිර්නාමිකව හෝ පලකරන බව ප්‍රකාශ කරමින් තමා හිරවෙන කමෙන්ටු වාරණය කරමින් අජිත් පැරකුම් ජයසිංහ මහතා මුදලට හෝ නොමිලේ මේ සේවය කරනුයේ රනිල්ටය. එහි බැලුබැල්මට වරදක් නැතිමුත් තමා විකල්ප අදහස් අගයන්නෙක් ලෙස හඳුන්වා ගනිමින් මෙසේ කිරීම අශීලචාරය.       

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments