Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ණයට විකිණුන අචලට රනිල්ගෙන් නාමයොජනා නෑ

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි 5ක මුදලක් පොරොන්දු පිට සන්තෝෂමක් ලෙස රුපියල් කෝටියක මුදලක් ලබාදි ඉතිරි මුදලට පොලු කෑ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ එජාපයෙන් නාමයෝජනා ලබාදිමට අකමැත්ත පලකර තිබේන බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.

විමල් වීරවංස මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පත්කල මන්තී‍්‍ර වරයෙකු වු අචල සුරංග ජාගොඩ වීරවංසගේ ආරක්ෂාව සම්බන්ධව වගකීම ඉසිළු අතර පක්ෂයට ලැබුනු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුරයද මුසම්මිල් හට ලබා නොදී අචල ජාගොඩ ලබා ගත්තෙකි. 

අචල සුරංග ජාගොඩ මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සමීපතමයකුද වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වුණු අචල සුරංග ජාගොඩ මහතා කලෙක සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ. ජනතා විමුක්ති පෙරමු‍‍ණෙන් ‍දේශපාලනයට පිවිසි අචල ජා‍ගොඩ මහතා රත්නපුර දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවර‍යෙකු ‍ලෙස කටයුතු කළා, 

ජනාධිපතිවරණ සමයේ සත පහක වටිනාකමක් නොමැතිව සිටි අචල නන්දන ගුණතිලක සමග එක්ව මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් යන්තම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනඟා ගත් අතර විකුණුම් වටිනාකම අනුව නන්දනට ලක්ෂ 10ක් පමණක් ලැබි තිබේ.පසුව අචල කට්ටි පනිමින් තමන්ගේ වටිනාකම ඉහල දමා ගැනිම සදහා විවිධ උපක්‍රම භාවිතා කලද එය සාර්ථක නොවුනු අතර අන්තිමට රුපියල් කෝටි 5ක මිලක් අචලට නියම වි තිබේ. නමුත් අචලට එයින් ලැබි ඇත්තේ රුපියල් කෝටි 1ක මුදලක් වන අතර ඊට අමතරව නන්දනට සහ අචලට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට පොරොන්දු දි තිබේ.

නමුත් මැතිවරණය ප්‍රකාශයට පත්කීරිමෙන් පසුව එජාප නායකත්වය නාමයො දිම මගහරිමින් සිටින බව අචල ජාගොඩ අප වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.තමන්ට එජාපයෙන් නාමයෝජනා නොලැබෙන්නේ නම් සන්ධානයෙන් හෝ නාමයෝජනා ලබා ගැනිමට හැකියාවක් තිබේද යන්න තම්න් බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡා කල බවද පවසා තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments