Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » කුඩු මාෆියාව අතරට විනිල්ගේ නමත්

මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ‍පොලිස්පති මහින්ද බාලසුරිය අතරට පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ නාමයද එකතුවෙමින් තිබෙන් බව වාර්තා වේ.

වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි ‍පොලීසිය විශ්වාසය පළ කරන අතර දුමින්ද මන්ත්‍රීවරයාගේ, ‍ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙන්ඩරුව, අතුල විජේසිංහ , පියසිරි රාමනායක සහ විපක්ෂ නායක ජේ. සී අලවතුවල යන පිරිස එක්ව වයඹ පළාත් සභාව පෙරලිමට කටයුතු කිරිමත් සමග විනිල්ගේ පැටකිරියද අනාවරණය වී තිබේ.

අලවතුවල මහතාගේ දුව විවාහ වී ඇත්තේ පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ පුතා සමගය. අලවතුවල මහතා අනාවරණය කරන ආකාරයට විනිල් මැණික් කුඩු ජාවාරමේද යෙදෙන්නේය. ඔහුගේ වම්  අත පුරා  විශාල පච්චයක් කොටා ඇත. ලඟදි අලවතුවල මහතාද එසේ පච්චයක් කොටාගැනීමට ගිය බව වාර්තා වේ .

ලක්ෂ්මන්, අතුල විජේසිංහ සහ පියසිරි රාමනායකට පළාත් සභාව පෙරලා අලවතුවලට මහ ඇමතිකම ලබාදීම වෙනුවෙන්  මිලියන 15 බැගින් දීමට කටයුතු කරන්නේ විනිල් මැණික්ය. 

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

3 comments

sam said...

dont put lies like this

otthukaru said...

Dayasiri is a theif.So dont say others are thives

Anonymous said...

meke hitapu polispathige nama harida?????????????