Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

මහා මැතිවරණයේ ලැබෙන අන්ත පරාජ සමග අනිවාර්යයෙන් තමන්ට පාක්ෂිකයන් එලවා පහරදෙන බැවින් මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වෙනත් කෙනෙකු නම් කිරිමට මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ කොලු රැන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සියලුම බලයන් යොදවා තරග කලත් ආසන 60ක් ඉක්ම විම ඉතාමත් අපහසු මට්ටමක පවතින බව ඊයේ රාත්‍රීයේ වික්‍රමසිංහ මහතාගේ නිවසේ රැස්වු කණ්ඩායම පෙන්වා දි තිබේ.

ගෙවුනු දින කිහිපයම තුල රාජ්‍ය බලය යොදා ගනිමින් ආසන මට්ටමින් මෙම සමික්ෂණය කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් පක්ෂයට අහිමි වි ඇති බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

ඒ අනුව අගමැති තනතුර සදහා වෙනත් අයෙකු නම්කොට මෙම මැතිවරණයට ඉදිරිපත් කිරිම නුවණට හුරුබව රනිල් වාදින් පෙන්වා දි තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට නම් කොට ඇතත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඒ සදහා සජිත් ප්‍රේමදාස යෙදවීම සදහා සැලසුමක් සකස් කරමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.

පොදු අපේක්ෂකත්වය සදහා නම් කිහිපයක් යොජනා වි ඇති අතර රනිල්ට ප්‍රභලම අභියෝගයක් වන  සජිත් ප්‍රේමදාස බිල්ලට දිම සදහා සුදානම් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.හෙට පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
ඊළාම් සිහිනය ඇතට විසිකිරිමට කටයුතු කල මහින්ද රාජපක්ෂව  අපගේ ජනතාව විසින් පරාජය කළ බව තමිලඅරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යාපනය නවපුරම් ප්‍රදේශයේදි පැවැති වැඩසටහනකට සහභාගිවී වෙමින් අනාවරණය කළා.

“අපගේ ජනතාව පරාජයට පත්වූ ප්‍රජාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. නමුත්, උතුරු නැගෙනහිර පැවැති සෑම මැතිවරණයකදීම අපගේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂව පරාජය කළා එයයි සත්‍ය” 

මේ අතර මහින්ද රාජපක්ෂගේ පවුලේ කවුරුන් පාලන බලයට පැමිණියත්, එය දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින,දෙමළ ජනතාවගේ අනාගත අපෙක්ෂාවන් විනාශ කරන පාලනයක් වන බව කොටි සංවිධානයේ සමිපත්ම සගයෙකු වන සන් කුගවරදන් ප්‍රකාශ කර තිබේ.

මුල්ලිවායික්කාල්හිදි දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කල මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට නැවතීමේ තිත නොතැබුවහොත්, රට තුල නැවත ජාතිවාදය ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කර ඇත. බම්බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.


-
මහින්ද රාජපක්ෂ යලිත් දේශලාපන කරලියට පැමිණිමත් සමග යන එන මං නැතිව සිටි මහින්දටම එරෙහිව කුමන්ත්‍රණය කල බොහෝ දෙනෙකු දැන් අම්බානකට මහින්ද වෙනුවෙන් කැපකිරිම් කල අය මෙන් පෙනිසිටින බව අමුතුවෙන් කිවයුතු නෑ....

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හිටියේ කොහේදැයි අපි අමුතුවෙන් නිමල්ටවත් රටේ ජනතාවටවත් මතක්කර දියයුතු නැත.නමුත් අවසාන මොහොතේ හෝ රටගැන සිතා (ඇ)නිමල් ගතිගුණ අත්හැරිම ගැනනම් අපට ඇත්තේ සතුටකි.

-
ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රගතිශිලී කණ්ඩායම නාමයෝජනා බාරදි අවසන් වනතුරු ප්‍රවේශම් සහිතව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් වලින් සහ සමස්ත ශ්‍රි ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටින බව සන්ධාන හා ශ්‍රිලනිප මහා ලේකම්වරුන් සදහන් කර සිටි.

අප විශේෂ වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතා සදහන් කළේ එජාපය ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් වල මුදල් මත යැපෙන වෙබ් මාෆියාවේ අලුගෝසුවන් මෙහෙයවන වෙබ් අඩවි මේ වනවිට අසත්‍ය වපුරමින් සිටින බවයි.එම නිසා අසත්‍යයට යට නොවී  සත්‍ය වටහා ගැනිමෙන් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර කිසිදු බෙදිමක් ඇති වි නොමැති බවත් මේ වනවිට නාමයෝජනා සැකසිම සම්පූර්ණයෙන් අවසන් කර තවදුරටත් එවා පිරික්සමින් සිටින බවයි.
-
දින කිහිපයකට ඉහත දී හිටපු අමාත්‍ය එස්. බි නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවුණි. එහිදී නාවින්න මහතා තමාගේ පක්ෂ මාරුව වන විටදී  රතිඤ්ඤා පත්තු කිරීමට භාරදී තිබුනේ තමාගේ දේශපාලන ජීවිතයේ තමන් වෙනුවෙන් දිවි පුදන්නට වුනත් සැරසෙන නිකවැරටියේ සුනිල් ශාන්ත නම් කුක්කාටය. කුක්කා වර්ථමාන ප්‍රධාන අමාත්‍ය දයාසිරිගේ මාධ්‍ය ඒකකයේ රියදුරු තැන වේ. 

කෙසේ වෙතත් දයාසිරි නොදැනුවත්වම මොහු නාවින්නගේ ගිනි පත්තු කිරීමට ගොස් ඇති බව වයඹ පළාත් සභාවේ රියදුරෙක්ම දයාසිරිට අනාවරණය කර තිබේ. දයාසිරි පවසා ඇත්තේ තව ටික දවසයි යනුවෙනි.

වයඹ පළාත්සභා මන්ත්‍රී අසංක නවරත්න මහතා තමාගේ ඡන්ද ව්‍යාපාරයේ පෝස්ටර් වලට දැමීමට වදන් සොයා ඒ මේ ඇත දුවමින් සිටින බව වාර්තා වුනා.  මොහු මහජන පක්ෂය හරහා මහින්ද සමග ඡන්දයට මුහුණ දීමට සැරසේ . අසංක නවරත්න මහතා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග ඉතා සමීප මිතුදමක් පවත්වන බවට  රාවයක් ගොස් තිබුණි . කෙසේ හෝ හිරුනිකගේ විවාහ මංගල්‍යයට අසංකට ආරාධනා නොකිරීම හේතුවෙන් ඔහු දැඩි කනස්සල්ලෙන් පසුවෙන බව දැනගන්නට ලැබුනා.

දයාසිරි පන්සල්වලට යන විට ඔහුගේ ආගමික කටයුතු සම්බන්ධ ලේකම්වරයෙකු දයාසිරිට කලින් පන්සලට ගොස් තමා  මහ ඇමතිගේ රස පරීක්ෂක බව පවසා දයාසිරිට වෙන්කර ඇති කෑම රස බලන බව කුරුණෑගල ඇත්කඳ විහාරයේ වැඩකරනා ඇබිත්තයෙකුගෙන් දැනගන්නට ලැබුනා.

එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා තමාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නැකත් සෑදීමට ගොස් ඇත්තේ කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේ සිටිනා කේ. ඒ .යු සරත්චන්ද්‍ර මහතා ළඟටය. සරත්චන්ද්‍ර මහතා අශෝක් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ මෙවර ඡන්දයෙන් ඔහුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු තැනට ගෙනෙන බවය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හදිසියේම කුරුණෑගල දියදහර හෝටලයට පැමිණ ඇත. එහිදී ඔහුව දුටු පිරිසක් ඇමතිතුමා දැන් සායම් මකා ගන්න වෑයම් කරනවද මේ දවස්වල යනුවෙන් අසා ඇත. නිහතමානී සිනහවක් ඔවුන්ට පෑ ජොන්ස්ටන් මන්ත්‍රීවරයා ඉස්සරහට අපි මුළු කුරුණෑගලම සායම් කරනවා යැයි පවසා ඇත.

ගල්ගමුවේ තාරනාත් බස්නායක හදිසියේම ජනාධිපතිතුමා හමුවට යන්නට ගොස් ඇත. උදේ රැයින් ගල්ගමුවෙන් පිටත්වූ ඔහු වරියපොලට ලඟා වනවිටදී තමාගේ පියාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහේ නෙමෙයි ටී බී ලගේ ගෙදර යනවා අද මහින්ද සර් එනවලු විශේෂ සාකච්ඡාවකට යනුවෙනි . වහාම තම වාහනය හරවාගත් තාරා ටී බී  ඒකනායක මන්ත්‍රීවරයාගේ ගෙදරට පියාඹන්න විය.

අජන්ත පෙරේරා ලියන කුරුණෑගල අළු යට ගිනි
-
2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමාට පැවති සහය අභිබවා ගොස් තිබේන බව  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ්.කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අනාවරණය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග  වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ.

තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි.
-
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය සටන මෙහෙය විමට ලැබිමත් සමග බෙදුම්වාදීන්ගෙන් මුදල් ගෙන රනිල් වික්‍රමසිංහලා සමග එකතුවි කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිපදෙනකු එකතුවි "රට කෑව මෛත්‍රී" නමින් පිටු 6ක ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් පතක්  මුද්‍රණය කිරිම සදහා කටයුතු කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටිමින් ශ්‍රිලනීපය විනාශ කරමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු ආකාරය රහසීගත ඡායාරූප කිහිපයක්ද සමග ලිපියක් සහ සොඛ්‍ය අමාත්‍යවරයාව සිටියදි කල ටෙන්ඩර මගඩි කිහිපයක් පිළිබඳව තොරතුරු සහ සිරිසේන මහතාගේ පවුලේ පෞද්ගලික තොරතුරු රැසක්ද එයට ඇතුලත් කර තිබේ.

මිට අමතරව මෛත්‍රීපල සිරිසේනගේ දෙවැනි දියණිය වන ධරණී සිරිසේනගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක්ද එම මඩ පත්තරයට එකතු කර තිබේ.ධරණී 10 වසර අධ්‍යාපණය ලබන කාලයේ කොන්දොස්තර වරයෙකු සමග පැනයාම,11 වසරේදි යලිත් කොල්ලෙකු සමග පැන යැම සහ වැඩිමහල් දියණීය වන චතුරිකාගේ පාසල් පෙම්වතා රීය අනතුරකින් ඝාතනය කිරිම සහ මෛත්‍රීගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳවද තොරතුරු ඇතුලත්ව තිබේ.මිට අමතරව පෝරෝ පහරකින් ජිවිතක්ෂයට පත්වු ප්‍රියන්ත සිරිසේන සම්බන්ධයෙන් සහ දැනට ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති වරයා ලෙස කටයුතු කරන රනිල්ගේ වෙබ් මාධ්‍ය හරහා නිරන්තර මඩ ප්‍රහාරයන්ට ලක්වන සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර තිබේ.

පසුගිය දිනකිහිපය තුල හදිසියේම පත්තර කඩමල්ලක් නමක් යොදාගනිමින් අටවාගත් මඩ කන්තොරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර එම මඩ පත්තරයට ශ්‍රි ටෙලිකොම් හරහාම විශාල මුදලක් ලැබි තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

සියලු තොරතුරු බලාපොරොත්තු වන්න 




-