Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

වැඩ වර්ජනයේ නිරත ආදේශක අනියම් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යා රාජිත සේනාරත්න ගත් තිරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අම්බානකට රාජිතට බැන වැදුනු බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

"...රාජිත තමුසේට පිස්සුද...එකෙක් මට ගමට යන්න නැති කළා....තමුසේලා හදන්නේ මට පාරේ බැහැලා යන්න බැරි කරන්නද....? යනුවෙන් කියමින් රාජිතට තදින්ම බැණ වැදි තිබේ.මමත් සෞඛ්‍ය ඇමති වෙලා හිටියා....එත් මම එහෙම කතා කිව්වේ නෑ...

රාජිත සේනාරත්න අමාත්‍යවරයා වචනයක්වත් නොකියා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව අප වාර්තාකරු සදහන් කළා.

යහපාලනය පිහිටුවිමේ ප්‍රධාන පෙළේ මාෆියාකරුවෙකු වු රාජිතට මේ අකාරයට බැනුම් අසන්නට වුයේ ප්‍රථම වතාවටයි.

රුපියල් 3000ක විශේෂ දීමනාවක් ලබා ගැනීම, 2006 චක්‍රලේඛයට අනුව තමන්ට හිමි දීමනා ලබා ගැනීම, බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් සමස්ත ලංකා සුව සේවා සංගමය වැඩ වර්ජනය ආරම්භ කළා.ඒ අනුව සියලූම රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායක, උපස්ථායක, වාට්ටු ලිපිකාරිණියන් ඇතුලූ ශ්‍රේණි 30කට අයත් සේවකයන් හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වැඩවර්ජනයට එක්වී සිටින බව එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි සදහන් කළේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කරනු ලැබූ කයිට්ස්හි විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩුව විශේෂ අධිකරණයකට යොමු කරන  බව මෛත්‍රිපාල සිරිසේන යාපනයේ දී පවසා ඇත. බැලූ බැල්මට එය යහපත් ක්‍රියාවකි. මහත් ආන්දෝලනයකට ලක් වී ඇති මේ නඩුව විශේෂ අධිකරණයකට යොමු කිරීම වැදගත් යැයි බොහෝ දෙනා සිතනු නො අනුමාන ය. එහෙත් මේ යොමු කිරීම සිදුවන්නේ ඊනියා යහපාලන ආණ්ඩුවකින් බැවින් කුකුසක් පැන නගිනු නොවැළැක්විය හැකි ය. 

අප එසේ පවසන්නේ මහා බැංකුවේ බැඳුම්කර පිළිබඳ ව පත්කරන ලද ඊනියා විශේෂ කමිටුවේ අත්දැකීම් ද, මුලතිවු ප්‍රදේශයේ කොටින් සැමරීම තහනම් කරමින් උසාවි නියෝගයක් තිබිය දී සැමරුම් පැවැත් වූ විග්නේෂ්වරන් හා එ ජා ප නියෝජ්‍ය ඇමතිවරියක පිළිබඳ මතක සටහන් ද තවමත් අපේ සිත් සතන්වලින් මැකී ගොස් නොමැති සන්දර්භයක ය. මහා බැංකුවේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයට නීතිඥයන් තුන්දෙනකු රනිල් වික්‍රමසිංහ නම් පික්පොකට් අගමැතිවරයා (මොහු පික්පොකට් අගමැතිවරයකු බව ද ඔහු පත්කරනු ලැබුයේ දි මු ජයරත්න අගමැති ව සිටිය දී ම බව ද එය නීති විරෝධි බව ද අපි ජනවාරි 9 වැනි දා සිට ම කීවෙමු. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන දෙවියන්ගෙන් වකුගඩු රෝගයට හේතුව දැනගත්තේ යැයි කියන අප වැනි අප්‍රබුද්ධයන්ගේ කතා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීහු නොසලකා හැරිය හ. ඇතැමුනට අනුව ගණිතයවත් හරිහැටි නොදන්නා අප නීතිය ගැන දන්නේ මොන ඉටිගෙඩියක් ද? එහෙත් අද තම මතය කමිස හෝ සරොම් හෝ මාරුකරන්නාක් මෙන් මාරුකරන සරත් නන්ද සිල්වා ඒ බව කී විට ජනමාධ්‍යවේදීහු ඒ සෘෂි භාෂිතයක් ලෙස සලකා ප්‍රචාරය කරති!) විසින් පත්කෙරුණු විට ගොනා හැරෙන්නේ කුමකට දැයි තේරුම් ගැනීමට හැකි විය. අවසානයේ දී නීතිඥයන් තුන්දෙනාට අනුව අර්ජුන් මහේන්ද්‍රන් කිසිවකට වරදකරු නොවන බව පමණක් නොව වරදකරුවකු නොමැතිව වරදක් සිදු වී ඇති බව ද හෙළි විය. අලි මදිවාට හරක් යැයි (මේ කියන්නේ එ ජා ප අලි හා නීතිඥයන් ගැන යැයි වරදවා නොසිතිය යුතු ය) කීවාක් මෙන් දැන් රනිල්ට ප්‍රශ්නය වී ඇත්තේ 2015 දී සිදු වූ දේ නොව ත්‍රිපුද්ගල නීතිඥ වාර්තාවට අනුව 2012 –- 14 කාලයේ දී සිදු වූ දේ ය. 

විද්‍යා දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් ඇතැම් කරුණුවල දී ඉහත සඳහන් එ ජා ප නියෝජ්‍ය ඇමතිවරියගේ නම ද කියැවෙයි. සැකරුවන් නිදහස් කිරීම, නැවත අත් අඩංගුවට ගැනීම, පොලිසියට හා උසාවියට ගල්ගෑසීම, රාජ්‍ය දේපොළවලට අලාභහානි කිරීම, ආදිය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන්ගේ නම් සඳහන් වීම ගැන ද අප සිතා බැලි ය යුතු ය. අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ කිසිම සැකයකට ඉඩ නොතැබිය යුතු ය. මෛත්‍රිපාල සිිරිසේන යාපනයට ගිය අවස්ථාවේ උසාවි නියෝගය කැඩූ මහා ඇමති විග්නේෂ්වරන් මෙන් ම උතුරේ බලධාරිනියක වූ නියෝජ්‍ය ඇමතිවරිය ද හමුවූවා පමණක් නො වේ. මෛත්‍රිපාල සහභාගි වූ බොහෝ උත්සවවලට ඔවුහු ද සහභාගි වූහ. 

මේ විශේෂ අධිකරණය පිහිටුවන්නේ කෙසේ ද? එහි යාන්ත්‍රණය කුමක් ද? එයට විනිසුරුවන්  පත් කෙරෙන්නේ කෙසේ ද? ආදී කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු ය. යහපාලනය යනු යමපාලනයක් බව ද අපි බොහෝ කලක සිට කියමු. යමපාලන ආණ්ඩුව ගැන කියන විට හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යන්න ද අමතක කළ නො හැකි ය. විද්‍යා දැරිය පිළිබඳ සිද්ධියෙන් අප දේශපාලන වාසියක් ගැනීමට උත්සාහ කරන්නේ යැයි යමකු කීමට ඉඩ ඇත. නඩුව විශේෂ අධිකරණයකට යොමු කිරීමෙන් මෛත්‍රිපාල, රනිල්, විග්නේෂ්වරන් දේශපාලන වාසියක් හෝ වෙනත් වාසියක් හෝ ගැනීමට උත්සාහ නොකරන්නේ ද යන්න දැනගැනීමට ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් සරත් නන්ද සිල්වා හමුවිය යුතු ද? එසේ හමුවන්නේ නම් ඒ ඔහු කිනම් සරොමක් ඇඳ සිටින විට ද?  

නලින් ද සිල්වා

2015 මැයි 27

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
නැවතත් උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. 2009 කොටි (දෙමළ) ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක නො වී ය. එයින් කියැවෙන්නේ එකල උතුරේ දෙමළ ජාතිවාදයක් නොතිබූ බව නො වේ. දෙමළ ජාතිවාදය මතු නොව දෙමළ බෙදුම්වාදය ද උතුරේ තිබිණි. ඒ මතවාද එහි නැති නොවිණි. ඒ මතවාද විශේෂයෙන් ම ඊනියා උගත් දෙමළ ජනයා අතර විය. ඔවුන්ට බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද විසිරුණු දෙමළ ජනයාගේ ද අනුගයහය හා ආධාරය ලැබිණි. එහෙත් ඒ දෙමළ ත්‍රස්තවාදයක් කරා නැවත වර්ධනය නො විණි. එයට ප්‍රධාන හේතුව හමුදාව එහි පවත්වා ගෙන යෑම ය.

මෙහි දී වැඩි දුර යෑමට පෙර රාජ්‍ය විරෝධී යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරගත යුතු ය. රාජ්‍ය විරෝධී යන්න ඒ ඒ අය විවිධාකාරයෙන් අර්ථදක්වති. අද මෙරට ඇත්තේ බටහිර ක්‍රමයේ ධනවාදී ඒකීය රාජ්‍යයකි. අපි මෙහි ධනවාදී ස්වභාවයට විරුද්ධ වෙමු. අපට අවශ්‍ය මහාසම්මතවාදී විෂමත්වය අවම වූ (ඊනියා සමාජවාදී නො වේ) එක්සේසත් (එක්සත් නො වේ) පරිපාලන බලය විමධ්‍යගත කෙරුණු එහෙත් නීති එක් ආයතනයකින් පැනවෙන රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක සාමූහිකත්වය. පරිසරය සමග සහජීවනය අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. ඒ අරුතෙන් ගත්කල අපි දු රාජ්‍ය විරෝධී වෙමු. එහෙත් අප අපට අවශ්‍ය රාජ්‍යය කරා යන්නේ පවත්නා රාජ්‍යය තුළින් ම ය. 

උතුරෙ රාජ්‍ය විරෝධීභාවය එසේ නො වේ. ඔවුන් ධනවාදයට විරුද්ධ නැත. අද මාක්ස්වාදීන්වත් ධනවාදයට විරුද්ධ නැත. රනිල් ද වික්‍රමබාහු ද ඊනියා මහින්ද රෙජිමය පරාජය කිරීම විප්ලවයක් ලෙස සලකති. ඔවුන්ට අනුව මහින්ද ආපසු බලයට පත්කිරීම ප්‍රතිවිප්ලවයකි. මාක්ස් එංගල්ස් හා ටේ‍රට්ස්කි මිය ගොස් තිබීම ඔවුන්ගේ වාසනාවකි. උතුර විරුද්ධ වන්නේ ඒකීය රාජ්‍යයට හා ශ්‍රී ලංකා රාජ්‍යයට ය. ඔවුන්ට අවශ්‍ය සන්ධීය රාජ්‍යයක් හා දෙවනුව  වෙන ම රාජ්‍යයකි. දෙමළ ජාතිවාදීන් රාජ්‍ය විරෝධී වන්නේ ඒ අරුතෙනි. ඔවුහු පවත්නා රාජ්‍යයට පිටින් ගොස් තම අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කරති. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා දෙමළ ත්‍රස්තවාදය ඇතිවිණි. අපි එය පරාජය කෙළෙමු. එහෙත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය  තිබෙන තාක් ඕනෑම අවස්ථාවක නැවතත් දෙමළ ත්‍රස්තවාදය ඇතිවීමේ ඉඩකඩක් වෙයි.

අප දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කරන තෙක් උතුරේ හා නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගෙන යා යුත්තේ එබැවිනි. ඊනියා සංහිඳියාවක නාමයෙන් හමුදා කඳවුරු ඉවත්කිරීම යනු දෙමළ ත්‍රස්තවාදයට ඉණිමං බැඳීමකි. අද යාපනය, මඩකලපුව හා  වෙනත් පළාත්වල සිදුවන්නේ එයයි. විද්‍යා දැරිය පිළිබඳ සිද්ධියේ දී පොලීසියට හා උසාවියට පහර දුන්නෝ නැගී එන දෙමළ ත්‍රස්තවාදීහු ය. ආනන්දි කණ්ඩායම මෙන් ම ඊනියා ජනතා බලය කණ්ඩායම ද එහි දී ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් පමණකි. 

අද පොලීසියට පහර දීම උතුරේ සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් ඇත. විග්නේස්වරන්ලා එයට විරුද්ධ වුවත් ඔවුන්ට එය නැවැත්විය නො හැකි ය. ඔවුහු ද දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු මුලතිවු ප්‍රදේශයේ උසාවි නියෝග කඩකරමින් කොටින් සැමරූහ. ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නො කෙළේ ය. විග්නේස්වරන් වැනි දෙමල ජාතිවාදීහු දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කරති. අවසානයේ දී ඔවුහු දෙමළ ත්‍රස්තවාදීන් විසින් ම ඝාතනය කෙරෙති. ආණ්ඩුවට මේ කරුණු කීමෙන් සතපහක වැඩක් නැත. ආණ්ඩුව වැඩකරන්නේ බටහිරට අවශ්‍ය අන්දමට ය.

නලින් ද සිල්වා

2015 මැයි 26

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පසුගියදා මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව පවසා ඇතිබව කියවෙන ප්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙන කවර සංදර්භයක් තුළ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය ‘මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි’යනුවෙන් ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ “ මේ රට සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ". එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැජ්ජාවීමට ද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදි යන්නකි. 

එය වසර 2500 ක් නොව වසර 30,000 ක් දක්වා ඈතට දිවයනන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඵෙතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක‍ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකි ඉතිහාසය අද ද ජීවමානව පවති. සිංහල ජාතිය ලෝකයේ ඉපැරණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300 ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් බවත් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස බැඳුනකි”. යනුවෙනි.

(මෙම සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න..)



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා දැන් තවත් අලුත් වැඩකට අත ගසා ඇති බව ප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කරගෙන තිබේ.ඒ රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථානයක් පිහිටුවිමයි.රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ මේම සම්භාහන මධ්‍යස්ථානය ඉදිකිරිමින් තිබේ.

සොඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රාජිත තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව හරහා මෙම මෙම මෙහෙයුම ක්‍රියාත්ම කරමින් සිටින අතර මේ වන විට එම සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ රාජිත මෙන්ම නාකී මනමාලයෙකු වන රාජිතගේ මස්සිනා කිර්තීලාල් සමරසිංහ මෙම සම්භාහන ගණිකා මධ්‍යස්ථානය ආරම්භ කිරිමේ මෙහෙයුම දියත් කරමින් සිටි.

සොඛ්‍ය අමාත්‍යංශයේ සහ ආයුර්වේද සංස්ථාවේ මුල්‍ය ප්‍රතීපාදන හරහා මෙම සම්බාහන ගණිකා නිවාසය ඉදිවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු කිර්තීලාල් සමරසිංහට යොමුකල පැණයකට ලබාදුන්නේ අපුරු පිළිතුරකි.

"සර් ...දැන් මේ සම්භාහන මධ්‍යස්ථානය පටන් ගන්නේ ලංකාවේ අයටද නැත්නම් විදේශිකයන්ටද ....පිස්සුද ඔයි අපි සුද්දන්ගේ ඇට තලන්න...මෙක හදන්නේ අපේ ඇමතිතුමාටයි ...අනිත් ඇමතිවරුන්ටයි......

ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ කාමරයට  නිරන්තරයෙන් සංස්ථාවේ සෙවය කරන කාන්තාවන් ගෙන්වා ගන්නා කිර්තීලාල් ඔහුන්ට විව්ධ ලිංගික හිංසනයන් කරන අයෙකු බව අප වාර්තාකරුවන් සොයාගෙන තිබේ.

මේ දිනවල කිර්තීලාල් ඇහැට කණට පෙනේන ගැහැණු ලමයි සොයා දෙන ලෙස තමන් නිරන්තර යන එන රත්මලානේ දුමිරිය පටුමගේ පිහිටි ගණිකා නිවාසයේ පාලිකාවට පණිවිඩයක්ද දි ඇති අතර ...එම පාලිකාව සමග කල කතා බහේදි ඇය සදහන් කර ඇත්තේ... කිර්තී අයියා ...කිව්වේ..මොනවා නැති උනත් කමක් නෑ ...පස්ස හොද අය ඔනෑ ......


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
වාමණිකාවුද කණේරැකාවූද කුරැ කෙටේටු අලි එකා දෙන්නා බැගින් වනාන්තරයෙන් එලියට ඇදෙමිනේ සිටී. දැවැන්ත සද්දන්ත හස්ති  රජයෙකු සමීපයෙහි කෙලින් සිටින්නට තබා එවැනි හස්තීන් ඉන්නා ප්‍රදේශද මගහැර සිටි මේ කුරැ කෙට්ටු අලි අද චංඞින්වී ඇති සැටියකි. චූලහත්ථිපදොපම සුත්‍ර දෙසුම වනපොත් කර ඇති සිංහල ජාතියට මේ නෝන්ජල් කුරැ කෙට්ටු වාමණික අලි හඳුනාගැනීමට අපහසුතාවයක් නැත. භාෂා විලාසයෙන්ම මොවුන් හඳුනාගත හැක. 

නැති පෙෳරැෂයක් හා නැති විඥානයක් ගෙනහැර පෑමට ජනමාධ්‍යය ප්‍රයෝජනයට ගන්නා මොවුන් දන්නා එකම ශිල්පය නම් එයතුලින් අධර්මය වැපිරවීමයි. එවැන්නෙක් පසුගියදා මහින්ද රාජපක්‍ෂයන් මිලේඡ්චයකු ලෙස හදුන්වාදී ඇත. ත්‍රස්තවාදය  ලක්දෙරණින් මුලිනුපුටා සියඵම ජනකොටස් වලට ජිවිතදානය ලබාදුන් එකම ජනනායකයා මිලේඡ්චයකු වන්නේයයි කියන අයගේ ඔලුව පිරික්‍ෂා බැලිය යුතුය. මොවුන් මෙතෙක් යහතින් වැජබුනේ ජනතාව මොවුන්ගේ විඥාන ශක්තිය නොදැන සිටි බැවිනි. ඉහත ප්‍රකාශයෙන්ම එවැනි විඥානයක් තබා ඔලු ගෙඞිතුල අඵවන් පඨවිද (gray matter) ශූන්‍යබව ඔලු කටුව ඇරලාම මාධ්‍යය හරහා ජනතා ප්‍රදර්ශනයේ තබා මොවුන් පෙන්වයි.

 සාමය ස්තාපිතව තිබූ රටේ එය බිදදැමීමට මුල්වූයේ සුඵජාතික ඡන්ද පදනම තුලින් බලයට පැමින අගමැතිකම පික්පොකට් ගසා උතුරේ ආරක්‍ෂාව අවම කිරිම නිසාබව හොදින්ම දන්නා මොවුන් තම නොහැකියාව වසාගැනීමටත් රට තවත් දේශපාලන අර්බුදයක හිරකරනු සදහාත් ජනතාවගේ සදාදරණීය නායකයාට එරෙහිව පුහු ප්‍රකාශ කරති.

 බුදුන් වැඞි දේශය, බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම බුදුදහම ස්තාපිතකල දේශය සිංහල බෙෳද්ධයන්ගේ නොවේනම් කාගෙද? ලක්දිවට සැතපුම් දොලහක් උතුරෙන් මිලියන් හැත්තෑපහක් මේ නිර්මල බුදුදහම පවත්නා අපේ මවුබිම ගිලගැනීමට බලාසිටින මොහොතක, මේ කුරැ හොර අලින්ගේ නැන්දම්මා නැවත තමිල්නාඞුවේ මහ ඇමතිනිය වී ඇති අවස්ථාවක, වසුරැ මුඛයන්ගෙන් අධම ප්‍රකාශ වායු ගෝලයට මුදාහරින්නේ කුමක් සඳහාදැයි ජනතාව බුද්ධියෙන් විමසා බැලිය යුතුය. අන්ත්‍රාය ඇත්තේ අතේ දුරිනි. සැතපුම් දොලහක් යනු කොළඹ සිට මොරටුවට නැතහොත් රාගමට හෝ හෝමාගමට ඇති දුරය. එවැනි දුරකය යක්‍ෂයා දෑස දල්වාගෙන බලා සිටින්නේ. අත ලඟ ඇති අනතුරකට උඞගෙඞි දෙන යහපාලනය ගැන ජනතාව මීටත්වඩා කල්පනාකාරි විය යුතුය.

 සයිබර් අවකාශයේ බේගල් වපුරා අරාබි වසන්තයක් අප ලක්දිව ඇතිකොට බොරැවෙන් වංචාවෙන් ජනතා බලුය ලබාගත්, දේශයක් පාලනයේ පහල බාලාංශයවත් සමත් නොකල මොවුන්, දෙසු බේගල් එකක්වත් සනාත කරගනු නොහී තවතවත් බේගල්ම  දෙසමින් ජනතාව මුලාකරයි. මොවුන්ගේ නොහැකියාව ජනතාවගේ ඇස් ඉදිරිපිටම දැන් ඔප්පුවී හමාරය.

 පසුගිය මාස පහ තුල විරැකියාව වැඞිවී ඇත. විදේශ විනිමය සංචිතය 50% කින් පමන ක්‍ෂය වී ඇත. සංවර්ධන ව්‍යා‍පෘතින් නැවතී හෝ කෙට්ටු වි හෝ ඇත (මහා මාර්ග මංතීරැ හොරැ ගිල ඇත). රජයේ ආදායම ක්‍ෂය වීම නිසා රාජ්‍යය වැටුප් පියවනුයේ මහින්ද සමයේ පෝශණයවු මු‍ල්‍ය සම්පත් දියකිරීමෙනි. මෙසේ රාජ්‍යකරණය කිරීමට හැක්කේ බොරැව වපුරා බලයට පැමිනි, ජාතියට සත්‍ය නිදහස ලබාදුන් පියාට මිලේඡ්චයයි කියනා අඵවන් පඨවි පිරිහුන ඔලුගෙඩි සහිත, පික්පොකට් කැලකට පමනි.

 මහින්දගේ දෙවන ආගමනය සිදුවන දින ය වැඞි ඇතක නොවේ. එදින මෙම වාමණික ආදිවු කුරැ අලි කැලය බිදගෙන දුවනු ඇත. එම මාර්ගයේ බිහිවන ජනතා අධිකරණ ඉදිරියේ මොවුන්ට වගඋත්තර බැදීමට සිදුවනු ඇත. එදින මොවුන් දැකීමට ජනතාව නිවාඞු දමා පැමිනෙනු ඇත.

 ඔබ සැමට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 මැයි මස 26 වනදා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පසුගිය අප්‍රියෙල් 6 වැනිදා අප අනාවරණය කල පරිදිම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මත පැටවිමට සුදානම් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. 

පසුගිය අප්‍රියෙල් 6 වැනිදා අප මේ තත්ත්වය අනාවරණය කල අතර එයට සරත් ෆොන්සේකා වග කිවයුතු ආකාරයද අප පෙන්වා දුන්නා. අප කල අනාවරණය කියවන්න - ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි

පාවාදිමේ පලමු පියවර ආරම්භ කරමින් ෆොනීගේ කූප්‍රකට මාෆියාකරු වන සේනක සිල්වා යොදවා ගනිමින් මුදල් ලබාදි ලංකා ඊ නිව්ස් හී අමු කෙප්පයක් අද පලකර තිබේ.

--උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්--

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව

(2015.මැයි.25, ප.ව.3.35) හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර ඇතත්, මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඇල් මැරුණු වැඩ කෙරුවාව නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

--උපුටා ගැන්ම අවසන් --

2006 නොවැම්බර් මස 10 වැනිදා නාරාහේන්පිට සිට බොරැල්ල හරහා ගමන් කරමින් සිටියදී රවිරාජ් නඩරාජා මහතා රැගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නඩරාජා සහ පොලිස් නිලධාරියකු මරනයට පත්වු අතර එම ප්‍රහාරය මෙහෙයු බව කියන නාවික හමුදාවේ තිදෙනකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිම පසුපස ෆිල්ඩ් මාෂල් තනතුරට පත්  සරත් ෆොන්සේකා සිටින බව අප වාර්තාකරු අනාවරණය කර සිටි.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි, හිටපු නිලධාරීන් වන සුළු නිලධාරී සෙනවිරත්න හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ අධි සහයක ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය ෆොන්සේකා විසින් පාවාදී ඇත්තේ ෆොනීම කල වැරද්දක් වසා ගැනිම් සදහා රවි රාජ් ඝාතනය කල නිසාය.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම 

~~උපුටා ගැන්ම "වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ"Lankanewsweb.today ~~

"යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග  වූ බෑගය සහ බට් මොඩල් T56  නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ  මෙයය. මලමිනී වෙලදාම."

කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.


මරා දැමීමට පෙර වූ උදෑසන  දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත්  යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300  බැගින් එහි අයිතිකරුවන්ටම  අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු  ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය.  ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

~~උපුටා ගැන්ම අවසන්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com