Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

1951 සැප්තැම්බරයේ අප ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර එජාපයට එරෙහිව සියලු ප්‍රගතිශීලි බලවේග එකරාශි කරන කෙන්ද්‍රස්ථානයක් ලෙස බව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැයි දින පණිවිඩය මගින් පෙන්වා දි තිබේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජනතා  විමුක්ති   පෙරමුණේන් ඉවත් විමට පදනම් වු ඇත්ත හේතුව කියා ගැනිමට නොහැකිව   හිටපු   නායක  සෝමවංශ  අමරසිංහ දැන් මාධ්‍ය සංදර්ශණ පැවැත්විමට පටන්ගෙන තිබේ.ජනවාරි  08  වැනි දා රාත්‍රීයේ  හිටපු   ජනපති  මහින්ද  රාජපක්ෂ  ජනපතිවරණයෙන්  පරාජය වන  ලකුණු   පහළ  වී   තිබියදි   බලයේ  රැදී   සිටිමට   කළැයි   කියන  කුමන්ත්‍රණයේ පරික්ෂණ වේගවත්   කරන  ලෙස  ඉල්ලමින් කොළඹ  ටොරිංටන්  පෙදෙසෙහි   නිදහස්  චතුරශ්‍රයේ  අද (01) සෝමවංශ උපවාසයක් ආරම්භ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ නොකියාව පක්ෂයෙන් ඉවත්විමට විවිධ හේතු තිබුනද ආසන්නතම හේතුව එජාපයෙන් ලැබුණු ලක්‍ෂ 350ක මුදලක් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.(සිරි අයියා ගියේ UNP දුන් ලක්‍ෂ 350 අනුර තනියම මාටියා ගහපු නිසා)

මෙම උපවාසයෙන්   ප්‍රතිළුල  නොලද හොත්  එම  කුමන්ත්‍රණකරුවන්   නීතිය  හමුවට  පමුණුවන  ලෙස ඉල්ලමින්   දිගටම  උද්ඝෝෂණය  කරන  බවද ඔහු කියා සිටියේ  නිදහස්  චතුරශ්‍රයේ බිත්තියකට හෙත්තු වු හිඟන්නේකුට සමානවය.

2010 මංගල සමරවීරගේ කම්පියුටර් ජිල්මාට් එක වාගෙම ඔහු විසින්ම නිර්මාණය කළ අමු පචය පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවා ප්‍රතිකේෂ්ප කර තිබියදි සෝමේ අයියාට පමණක් නටන මේ නාඩගම් කුමක්ද යන්න ජනතාවට අලුතෙන් කියා දිය යුතු කතාවක් නොවේ.

මේ අතර 88-89 කාලසිමාවේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදීන් ලෙස හැසිරිමෙන් විනාශ කල මිනිස් ජිවිත සහ දේපළ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සෝමවංශ අමරසිංහට ඉදිරිපසින් උපවාසයක යෙදිමට ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිසක් සුදානම් වෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සෝමවංශ අමරසිංහ හෙවත්සිරි අයියා 88-89 කාලසිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට නායකත්වය දෙමින් ඝාතන රැසකට සම්බන්ධ වු අයෙකු බව ඔහුන් විසින්ම පිළිගෙන තිබේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
කාලයකට පසුව බලය හොරා කා ගත් එක්සත් ජාතික පක්ෂය අද මැයි රැලිය වැඩ කරන ජනතාව වෙනුවෙන් නොව කසිප්පු කාරයන් සදහා සුදානම් කර තිබෙන බව වාර්තා වේ.කැම්බල් පිටියේ පැවැත්වෙන් එජාප මැයි රැලියට සහභාගි වන සැම අයෙකුටම ගල් අරක්කු බෝතලයක් සහ බුරියානි බත් පැකට්ටුවක් බැගින් ලබාදිමට කටයුතු යොදා තිබෙන බව අප එහි සිටින විශේෂ වාර්තාකරු සදහන් කළා.

යහපාලන ආණ්ඩුව පිහිටුවා දින 10 යන්නට මත්තෙන් ලබාදුන් මත්පැන් බලපත්‍ර හිමිකරුවන්ට මෙම අරක්කු තොග ලබාදෙන ලෙසට නියෝග කර තිබෙන බවත් ඒ  අනුව මේ වන විට අරක්කු පිරවු ලොරි රථ කිහිපයක් එම ස්ථානයේ රදවා තිබෙන බවයි ඔහු සදහන් කළේ.

මෙම අරක්කු බෙදාහැරිම සංවිධානය කිරිම පසුපස කොළඹ නගර සභාවේ අංක එකේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බෙබද්දෙකු විසින් බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රටේ සැබෑ නායකයා වෙනුවෙන් නියොජනය වන මැයි රැලියට පමණක් තමන් සහභාගි වන බව පවසමින් ජාත්‍යන්තර වහලා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දිනයට සහභාගි විම පක්ෂයේ ඉහල පෙලේ සමාජිකයන් සහ ජනතාව ප්‍රතික්ෂෙප කරන බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී බී ඒකනායක, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ද, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පවත්වන ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වන බව ආරංචි මාර්ග කියයි.

කිරුලපොන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම මැයි රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් පෙළපාළියෙන් එම මැයි රැලියට යෑමට සංවිධානය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
වසර පහකට වැඩි කාලයක් පසුගිය රජය මඟින් නවත්වා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යලි ආරම්භ කිරිම හරහ ලාංකිය ජන සමාජයේ වටිනාම සහ ජනප්‍රියම චරිතයක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන පිවිසිම නතර කිරිමට යහපාලන ගොබිලන් ගත් උත්සහ වතුරේ ගොස් තිබෙන බව වාර්තා වේ. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට වාර්තා විමත් සමගයි.

අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කොට තිබේ. ඔහුට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.

~~බල්ලට යන රටේ පුරවැසි භාවය ~~

වයස අවුරුදු 55 සම්පූර්ණ කළ අය, ලංකාව තුළ රුපියල් ලක්ෂ 25ට වැඩි දේපළක් ඇති අය, මෙරට උපාධියක්, ඩිප්ලෝමාවක් ඇතුළු ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාඇති අය, මෙරට බැංකුවක රුපියල් ලක්ෂ 25ට වැඩි ස්ථිර තැන්පතු ඇති අය, අමෙරිකන් ඩොලර් විසිපන්දහසට වැඩි NRFC ගිණුමක් ඇති අය, එවැනි සුදුසුකම් ඇති අයගේ බිරියන්, වයස අවුරුදු22 වූ දරුවන් යන සුදුසුකම් ඇති අයට ඒ සඳහා අයදුම් කළ හැකි වෙයි.

ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද ගෙවිය යුතු වෙයි.

ආගමන විගමන පාලක ජෙනරාල්වර‍යාගේ අධික්ෂණය යටතේ සතියට වරක් රැස්වෙන කමිටුවක් ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙන ද්විත්ව පුරවැසිභාවයට අදාළ අයදුම්පත් සඳහා ඉතා කෙටි කාලයක් තුළ එම පුරවැසිභාවය ලබාදීම සිදුවෙයි.

මේ සඳහා ජනාධිපතිවරයා‍ හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන අතර නීතිය සාමය පිළිබඳ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්සන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව  පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට ගෙනෙනු ඇත. තවත් කුඩා පක්‍ෂ හා සංවිධාන රැසක් මැයි රැළි පෙළපාලි ආදිය පැවත්වීමට නියමිත ය. 

එහෙත් බොහෝ දෙනා උනන්දුවක් දක්වන්නේ මහින්ද රාජපක්‍ෂ මැයි රැළියකට සහභාගි වේ ද, එසේ නම් ඒ කුමන රැළියට ද ආදී ප්‍රශ්න සම්බන්ධව ය. මේ එවැනි ප්‍රශ්න ඇසීමට නුසුදුසු කාලයක් නො වේ. මහින්ද අදටත් මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විසින් පිළිගැනෙන නායකයා ය. සිංහල ජාතිකත්වය මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ය. තනි දේශපාලන ප්‍රවාහයක් ලෙස එයට අභියෝග කිරීමට වෙනත් කිසිම දේශපාලන ප්‍රවාහයකට නො හැකි ය. 

පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ප්‍රවාහයට ඡන්ද පනස්අට ලක්‍ෂයක් ලැබිණි. මෛත්‍රිපාල සිරිසේනට ලැබුණු ඡන්ද හැටදෙලක්‍ෂය විවිධ  දේශපාලන ප්‍රවාහයන්හි ඡන්දවල එකතුවකි. පොදුවේ ගත්කල ඒ බොහෝ දේශපාලන ප්‍රවාහවල සිංහල විරෝධී ලක්‍ෂණයක් තිබිණි. එහෙත් ඒ එක් දේශපාලන ප්‍රවාහයක් නො වී ය. ඒ අතර මෛත්‍රිපාල ලැබූ ඡන්ද හැටදෙලක්‍ෂයෙහි සිංහල ජාතිකත්ව දේශපාලනයෙහි ඡන්ද ද විය. 

වෙනත් වචනවලින් කිවහොත් සිංහල විරෝධී දේශපාලන ප්‍රවාහවල ඡන්ද සියල්ල මෛත්‍රිපාල සිරිසේනට ලැබුණු අතර සිංහල ජාතිකත්ව දේශපාලන ප්‍රවාහයෙහි ඇතැම් ඡන්ද මහින්ද රාජපක්‍ෂට නො ලැබිණි. එයට ප්‍රධාන හේතුව වූයේ මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූුවන් සිංහල ජාතිකත්වයට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම ය.  මැතිවරණ ව්‍යාපාරයක් නිසි ලෙස මෙහෙය වුවහොත් සිංහල ජාතිකත්ව ප්‍රවාහයට තනියම ජයග්‍රහණය කළ හැකි ය. සිංහල විරෝධීන් ඒ එසේ නො වේ යැයි කීමට තැත් කළ ද ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වූවකි.

ජනාධිපතිවරයෙන් පසුව සිංහල ජාතිකත්ව ප්‍රවාහයේ  සියළු දෙනාම පාහේ මහින්ද වටා එක් රොක් වී ඇත. එහෙත් මහින්ද තවමත් ඒ ප්‍රවාහයට ඉදිරි කාලයේදීත් නායකත්වය දෙන බවට තීරණයක් ගෙන නැත. මෙය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නො වේ.   සිංහල ජාතිකත්ව ප්‍රවාහය අනාථ නොකර මහින්ද රාජපක්‍ෂ වහාම තීරණයක් ගත යුතු ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 30


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ එක්ව පිහිටුවා ගෙන තිබෙන ජනතා විරෝධී ආණ්ඩුවේ ශ්‍රීලනිප  මැයි දින රැළියට මහින්ද රාජපක්ෂ මහතා   සහභාගී නොවිය යුතු බවත් එතුමා සහභාගී විය යුත්තේ වැඩ කරන ජනතාවගේ සැබෑ මැයි දින රැළියට බවත් ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයින්ගේ සංවිධාන වෙතින් හිටපු ජනාධිපතිවරයාට ලිපියක් ලැබී තිබේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com