Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු සමස්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයම මේ වනවිට මහින්ද රජපක්ෂ මහතා සමග එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම වෙනුවෙන් එකට එකමුතුව සටන ආරම්භ කර තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

"විවිධ කණ්ඩායම් පසුගිය දින කිහිපයේ පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් විකල්ප කණ්ඩායම් නිර්මාණය කිරිමට කටයුතු කලා ...නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා....ඊයේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග යම් හෝ අවුලක් තිබුනු හැමොමත් දැන් ඒ ප්‍රශ්ණ විසදගෙන ඉවරයි...."

"මේ සමගිය බලාගෙන ඉන්න බැරි ඔය සමහර කට්ටිය දැන් රටෙත් නෑ"

" මම හිතන්නේ ශ්‍රි ලංකාවේ ඉහලම ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් අපි අගොස්තු 17 වැනිදා මැතිවරණයෙන් හදනවා එකේ දෙකක් නෑ....ඒ වගේම අපි කල්පනාකාරිව කටයුතු කරන්න ඔනෑ....මොකද බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන් හැමතැනම ඉන්නවා.."
-
මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ සටන් අතට ගැනිමත් සමග මාධ්‍ය හරහා උද්යෝගයට පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂයේ නිරුවත රට හමුවේ අනාවරණය කරමින් සටන ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමය දැඩි ලෙස විවේචනය කරමින් සිටි එජාප මන්ත‍්‍රී අපේක්‍ෂකයන් වන උපුල් ශාන්ත සන්නස්ගලට හා එස්.එම්. මරික්කාර්ට බලාපොරොත්තු නොවූ දැවැන්ත ප‍්‍රහාරයක් ස්වර්ණවාහිනිය සංග‍්‍රාමය දේශපාලන වැඩසටහනේදී එල්ල විය.

සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මෙම ප‍්‍රබල ප‍්‍රහාරය එල්ල කරද්දී එජාප නියෝජිතයන් කර කියා ගත නොහැකි ලෙස සිටියහ.

නිමල් පියතිස්ස මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජාතික නිදහස් පෙරමුණු නායකයාද වන අතර වලපනේ ආසනය නියෝජනය කරයි.


-
මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හේතුවෙන් අලියා අත හැරිමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තිරණය කර තිබේන බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.
-
අනේ කාලේ වනේ වාසේ කියා කතාවක් ඇත්තේමු....අපේ රටේ මිනිස්සු ගොනාට අන්දන්නට සමත් ගිහියන් පමණක් නොව පැවිද්දන් මෙන්ම තවත් ආගමික නායකයන් යැයි කියමින් පෙනී සිටින අය සිටින බව අප මතක තබාගත යුතුය.

ධර්ම රාජ්‍යය සදහා යන මාර්ගය ජනතාවට පසක් කර දෙන බව පවසමින් සෝම හිමියන්ගේ මරණයෙන් පසුව උන්වහන්සේගේ ජනබලයට කෙලවා යන්තම් පාර්ලිමේන්තුවට පිවිසි අපේ හාමුදුරුවෝ ධර්ම රාජ්‍යය සදහා යන්නට බෙන්ස් කාර් සහ සුරූපී ලලනාවන්,සුඛෝපභෝගි නිවාස පමණක් නොව අසීමාන්තික බලයද එකරාශී කර ගත්තා පමණක් නොවේ දැන් මේ රටේ බහුතයක් උ සිංහල බෞද්ධයන්ටද පස්ස හරවා අවසානයේ බෞද්ධාගමමද වලපල්ලට යැවිමට කටයුතු කරන බව මෙම ඡායාරූපය කියා පායි.

වර්තමානයේ  පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ හිරුණිකාගේ මගුල් ගෙදරට ගොස් ගත් ඡායාරූපයකි.හිරූනිකා පමණක් නොවේ ඔනෑම මගුලක් ගියාට අපට කමක් නැත.නමුත් මේ රටේ භික්ෂූන් වහන්සේලා,චීවරයට ඇති ගෞරවය කෙලසිමට රතනලාට නොව වෙන චිවරයක් දමාගත් සොර දෙටුවෙකුටවත් ඉඩ නොදිය යුතුය.

අපේ රටේ ස්වාමින්වහන්සේලා මගුල් ගෙවල්වලට වඩින්නේ නැත.මනාල යුවල විහාරස්ථානයට ගොස් ආශිර්වාදය ලබා ගැනිම සමාන්‍ය සම්ප්‍රදායයි.

ස්වාමින්වහන්සේ නමක් මගුලකට වැඩියද ඡායාරූපයකට පෙනි සිටිම කිසිවිටකත් කරන්නේ නැත.ඒ අනුව රතන හිමියන් මේ චිවරයට හා අපේ බෞද්ධාගමට කර ඇත්තේ මහා අපහාසයකි.



-
බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරිමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු නොකිරිම නිසා අහිමිකර තිබු  GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු ජනාධිපති අත්සන් කර ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති නීතිඥ අජිත් පී පෙරේරා කල ප්‍රකාශය අමුලික පට්ටපල් බොරුවක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි ලිපියකට අත්සන් කරන්නේ නම් ඒ සදහා අනුගමනය කරන ක්‍රමවේදයක් තිබේන බවත් එය අජිත්ට හෝ මංගලට අවශ්‍ය පරිදි සිදුනොවන බවද ඔහු සදහන් කළා.

උපුටා ගැන්ම පච අජිත්ගේ ප්‍රකාශය 

“ GSP + සහනය අපිට ලැබෙනවා කියලා කියන කොට අපේ ඇඟලුම් කර්මාන්තය ඇතුලු කර්මාන්ත විනාශය කරා අරන් ගිය රාජපක්ෂගේ උද්දච්ඡ ගෝල බාලයෝ කීවේ ඔය අජිත් පෙරේරලා මංගල සමරවීර ලා කියන්නේ බොරු කියලා. නමුත් දැන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා GSP + සහනයට අත්සන් කරලා තියෙනවා.  අපේ නිෂ්පාදන වලට ඇමරිකානු වෙළඳ පොලේදි සියයට 15 ක 20 ක වාසියක් අපිට ලැබෙනවා. ලංකාවේ භාණ්ඩ වලට තිබෙන විශාලම වෙළෙඳ පොලක් තමයි ඇමරිකානු වෙළඳ පොල. ඒ නිසා මේ රටේ කර්මාන්ත දියුණු වෙනවා. සේවක සේවිකාවන්ගේ පඩි වැඩි වෙනවා. ඕක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවකට විතරයි.“ 

උපුටා ගැන්ම අවසන් 

GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු රජය මග මංගල සමරවිර ඇමරිකාව ඉදිරිපිට දණගසා වැදවැටුනද උතුරේ ස්වයං පාලනය පිහිටුවිම,යුධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම යනාදි කරුණු කිහිපයක් ඉටුවන තුරු යලිත් GSP + සහනය ලබා නොදිමට යුරෝපා සංවිධානය තිරණය කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.
-
මහා මැතිවරණයේ ලැබෙන අන්ත පරාජ සමග අනිවාර්යයෙන් තමන්ට පාක්ෂිකයන් එලවා පහරදෙන බැවින් මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වෙනත් කෙනෙකු නම් කිරිමට මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ කොලු රැන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සියලුම බලයන් යොදවා තරග කලත් ආසන 60ක් ඉක්ම විම ඉතාමත් අපහසු මට්ටමක පවතින බව ඊයේ රාත්‍රීයේ වික්‍රමසිංහ මහතාගේ නිවසේ රැස්වු කණ්ඩායම පෙන්වා දි තිබේ.

ගෙවුනු දින කිහිපයම තුල රාජ්‍ය බලය යොදා ගනිමින් ආසන මට්ටමින් මෙම සමික්ෂණය කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් පක්ෂයට අහිමි වි ඇති බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

ඒ අනුව අගමැති තනතුර සදහා වෙනත් අයෙකු නම්කොට මෙම මැතිවරණයට ඉදිරිපත් කිරිම නුවණට හුරුබව රනිල් වාදින් පෙන්වා දි තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට නම් කොට ඇතත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඒ සදහා සජිත් ප්‍රේමදාස යෙදවීම සදහා සැලසුමක් සකස් කරමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.

පොදු අපේක්ෂකත්වය සදහා නම් කිහිපයක් යොජනා වි ඇති අතර රනිල්ට ප්‍රභලම අභියෝගයක් වන  සජිත් ප්‍රේමදාස බිල්ලට දිම සදහා සුදානම් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.හෙට පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
මහින්ද රාජපක්ෂ යලිත් දේශලාපන කරලියට පැමිණිමත් සමග යන එන මං නැතිව සිටි මහින්දටම එරෙහිව කුමන්ත්‍රණය කල බොහෝ දෙනෙකු දැන් අම්බානකට මහින්ද වෙනුවෙන් කැපකිරිම් කල අය මෙන් පෙනිසිටින බව අමුතුවෙන් කිවයුතු නෑ....

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හිටියේ කොහේදැයි අපි අමුතුවෙන් නිමල්ටවත් රටේ ජනතාවටවත් මතක්කර දියයුතු නැත.නමුත් අවසාන මොහොතේ හෝ රටගැන සිතා (ඇ)නිමල් ගතිගුණ අත්හැරිම ගැනනම් අපට ඇත්තේ සතුටකි.

-
මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 පමණ වේ. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ලියුම්කරු එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 30 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

ජවිපෙ දෙවන කැරැල‍්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශයවූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අලුතින් එක්වූ නව ‍බලවේගයන්හි ක්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන්  දැකගත හැකි වූවද නව සාමාජිකයින්ගේ  දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙන යෑම වෙනුවට බරපතල ව්‍යවසනයකින් කෙරවල වීමට හේතු විය.

එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප්‍රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සදහා සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කලද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් ‍දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප්‍රති භීෂණයක් මුදා හරිමින් ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේද පසුව දකුණු පලාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළහ.

සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුලත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුලක් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 පස්ස දොරෙන් ක්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත්‍රිකාව අනුව වක්‍රවාකාරව සිදුවූවකි.

වසර 2015 වන විට පාසැල් කේෂේත්‍රයේ සිසුන් 4,004,091 සහ ගුරුවරු 223,347  සිටි අතර අධ්‍යාපන ධවල පත්‍රිකාවේ හකුලාගත් කොටස් යළි ක්‍රියාත්මක කරමින් 2015 ජනවාරි 29වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාසැල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම නීතිගත කරමින් චක්‍රලේඛනයක්ද නිකුත් කළේය. අධ්‍යාපනය අයිතියක් නොව වෙළෙඳ භාණ්ඩයක් බව තහවුරු කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඉංජිනේරු උපාධි පාඨමාලා පිරිනැමීමේ බලයද 2015දී නීතිගත කර ති‍බේ.

දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතල වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත්‍රස්තවාදය, රාජ්‍ය දේපල විනාශ කිරීම විය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි මස ක්‍රියාත්මක වීමත් සමඟම ජවිපෙ වටා රොක්වූ බොහෝ දෙනෙකු කටයුතු කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟය. අවශ්‍ය පුද්ගල ඝාතන සඳහා යොදා ගැනීමට ඔවුන් ඉතා ලෙහෙසි පහසු විය. ජවිපෙ මගින් මරාදැමූ සංඛ්‍යාව 6,577කි. ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් සහ හිතවතුන් 2,645, සාමාන්‍ය සිවිල් පුරවැසියන්  1,663, ඔත්තුකරුවන් සහ ඔත්තුකරුවන් යැයි සැකකල 702, රජයේ සේවකයින් 487, පොලිස් භටයින් සහ නිළධාරින් 342, හමුදා භටයින් නිළධාරින් 15 සහ හමුදා භටයින් 202, සරසවි සහ පාසල් සිසුන් 187, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයින් 117, පොලිස් පවුල් සාමාජිකයින් 93, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 30, වෛද්‍යවරුන් 16, නීතිඥයින් 14,  කලාකරුවන් 8, උප කුලපතිවරුන් 2,   කතෝලික පූජකවරුන් 2 අයත් විය.

කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ4ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද පැවැත්විණි.

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ රටේ ප්‍රබල ජාතික ප්‍රශ්න පිලිබදව සාමාන්‍යයෙන් කථාකල ශිෂ්‍ය සංගමයක් විය. මහජන මුදලින් ‍ඉගෙන ගන්නා සරසවි සිසුන් මහජන ප්‍රශ්න වෙනුවෙන්ද අරගල කල යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළද අවධාරණය කළේ එම සංගමයයි. කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හි බොහෝ පක්ෂ සහ කණ්ඩායම්වල සෙසු නියෝජිතයන් බොහෝ විට පෙනී සිටියේ අධ්‍යාපන කේෂේත්‍රයේ සහ ශිෂ්‍ය සුභසාධනයට අදාල ගැටළු සඳහා පමණි.

මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්ධනය ඇරඹී තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව සියළු විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත්කල වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙල සරසවිවලට බදවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.

කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්ධනයට සහාය දීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.

 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබදව ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාරයෙකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධූරයට පත්වූ අතර ‍කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය.  පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී  1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට ඝාතනයට ලක්විය.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා ‍විජේසුන්දර සමඟ අවාහ වූ මහාචාර්ය විජේසුන්දර වෙඩිතබා ඝාතනය කළේ  ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්දය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පො‍ලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දූගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය.

ජවිපෙ පූර්ණ කාලීනයෙකු වශයෙන් 1981දී එක්වූ ලයනල් පසුව කැකිරාවේ සිය මවගේ සහෝදරියට අයත් හේනේ ගොවියෙකු වශයෙන් ජවිපෙ 1983 තහනමින් පසු කටයුතු කළේය. සංවර්ධන සභා ඡන්දය පැවති 1981දී ඔහු ජවිපෙ අපේක්ෂක අබේසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරි දායක විය. යළි සිය නිවසට 1984දී එන ඔහු බ්‍රහස්පතින්දා සහ ඉරිදා පො‍ලේ එලවළු වෙළෙන්දෙක් බවට පත්විය. අනතුරුව 1986 දක්වා ඊගල් පෞද්ගලික ආරක්ෂක සමාගමක සිකියුරිටි ගාඩ්වරයෙකු ලෙස මාස තුනක් සහ හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකු ලෙස සිය ජීවිකාව කරගෙන ගි‍යේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ බටගොඩ ගමගේ ජයවර්ධන හමුවීමෙන් පසු 1986 මැද භාගයේදි ජවිපෙ දේශපාලනයට යළි එක්වූ ලයනල් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය යටතේ 1986 දෙසැම්බර් මසදී බඹරකන්දේදී දින 5ක් සහ සමනල කන්දේදී 1987 අප්‍රේල් 1වැනිදාද වැඩිදුර යුධ පුහුණුව ලැබීය. එමෙන්ම පසු කාලයේදී හුන්නස්ගිරිය කන්දේ සහ නුවරඑළිය සීතාවක ප්‍රදේශයේ ජවිපෙ යුධ පුහුණු කඳවුරුවලදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින්ට යුධ පුහුණුවද ලබාදුන්නේය.

මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1988 මැයි 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකල අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වර‍යකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය.

පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහ‍ලේ කාමරයට එක් අයෙකු එබී බැලුවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසු‍නේ නැත. ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියේය. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරළිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. හංවැල්ලේදී ඔහු 1989 ඔක්තෝබර් 4 වැනිදා ඝාතනයට පත්වන විට 27 හැවිරිදිය.

මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 14වැනිදා උදෑසනය.  මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15වැනිදා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය.

මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. එහිදී සරසවි ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරද වෙඩි වැදීමෙන් මරුමුවට පත්විය. වෙඩි තැබූ පුද්ගලයින් ආපසු පලායන ගමනේදී එතනට එ‍මින් සිටියදී ආරක්ෂක නිළධාරියාට එම තත්වයට මුහුණ පෑමට සිදුවිය. යතුරු පැදියකින් පැමිණ මෙය සිදුකල අතර එම යතුරුපැදියේම නැගී ඔවුන් පලා ගි‍යෝය. ආදී ආනන්දයෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය.

ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනය වූයේ මහාචාර්යවරුන් වන ස්ටැන්ලි විජේසුන්දර සහ පටුවතවිතාන පමණක් නොවේ. තවත් බොහෝ ග්‍රාමීය බුද්ධිමතුන් සහ උගතුන් ඝාතනය වු පිරිස අතර විය. කැරැල්ල වර්ධනය වන විට දේශපාලනයේ තැන තුවක්කුවට හිමිවූ අතර තුවක්කුවට අණ දීමට දේශපාලනයට නොහැකි විය. අරගලයේ වර්ධනය සහ සතුරාගේ ශක්තියද ජනතා ප්‍රතිචාරයද අදියරෙන් අදියර වි‍ශ්‍‍ලේෂණය කිරීමට සැලැස්මක් නොවීය. දේශපාලන විරුද්ධවාදින් නොවන උගතුන් සහ බුද්ධිමතුන් ඝාතනය කිරීමේ 
සම්ප්‍රදාය ක්‍රමානුකූලව තහවුරුවූ බැවින් එය පැති කිහිපයකින් දෙවන කැරැල්ලට ප්‍රබල අවාසිදායක තත්ත්වයන් ගෙන ආවේය.

ධර්මන් වික්‍රමරත්න, 
තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 

විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)








ඡායාරූප විස්තර


ජවිපෙ මගින් වෙඩිතබා මරා දැමූ කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ ඔහු විවාහ වූ දිනයේදී.




























ඝාතනයට ලක්වූ ‍කොළඹ සරසවි උපකුලපති ස්ටැන්ලි විජේසුන්දරගේ දේහය රැගෙන යන ඔහුගේ පුත් ශාලිත ඇතුළු ඥාතීන්.














මොරටු උපකුලපති මහාචාරය චන්ද්‍රරත්න පටුවතවිතාන ජවිපෙ මගින් සිදුකල ඝාතනය ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය ලෙසින් වාර්තා කල අයුරු.










උපකුලපති මහාචාර්ය විජේසුන්දර වෙඩි තබා ඝාතනය කල ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද.




















අත්අඩංගුවට ගත් සරසවි සිසු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අයුරු.











ඝාතනයට ලක්වූ කොළඹ වෛ‍ද්‍ය පීඨයේ සරසවි සිසු ත්‍රීමාගේ දේහය සුසාන භූමිය කරා රැගෙන යමින්. වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නන්දදාස කෝදාගොඩද මෙහි වේ.











එජාප ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවූ හක්මන බෙංගමුවේ ඉඩම් හිමි වැවිලිකරුවෙකුවු  බී.ආර්. ජයසේකර  1988 අප්‍රේල් 26වැනිදා ජවිපෙ විසින් ඝාතනය කර ගසක බැද පුළුස්සා දමා තිබූ අන්දම. ඔහුගේ ඡායාරූපයක් කොටුව තුළ දිස්වේ.



















මාතර ඌරුගමුවේ මුරුතගස්පිටියේ පදිංචි ස්කාගාර සංස්ථාවේ සේවයකල තිදරු පියෙකු වූ සුගත් සමරසේකර(45) දෙවිනුවර වලස්ගල හීන්දැලිය වැව අසළදී 1988 දෙසැම්බර් 9වැනිදා ජවිපෙ මගින් ගසක ගැටගසා ඝාතනය කර තිබූ අන්දම.


















මව් පෙ‍රමුණේ මංගල මහා සමුළුව  1991 පෙබරවාරි 19 කොළඹ නව නගර ශාලාවේදී  පැවති අවස්ථාවේ පැමිණි සිව්දරු මවක් වූ හම්බන්තොට දුරුවගේ කුසුමාවතී 1989 දෙසැම්බර් 1 එජාප ආණ්ඩුව මගින් පැහැරගෙන අතුරුදහන් කල සිය සැමියා වූ බණ්ඩාරගේ පියදාස(36) ගේ සිද්ධිය පැහැදිලි කරමින්. 
















කොළඹ සරසවි උපකුලපතිවරයා ඝාතනය ක‍ළේ සරසවියේ මෙම කොලෙජ් හවුස් ගොඩනැගිල්ලේ උඩුමහලේදීය.
-