Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.

ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.

සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.

මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.

ඔහුන් පෙන්වා දෙන්නේ  2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA  2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්ව මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයෙන් මහින්ද කුරුණෑගලට ඉල්ලන බව දැන් ගැනිමෙන් පසුව බවත් එජාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිස යලිත් සන්ධාන රජය සමග එක්ව ඇමතිකම් ලබා ගැනිමට සුදානමක් පවතින බව තමන් දන්නා බව රනිල්ගේ කොලුගැටයෙකු වන අධ්‍යපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරයේ මහා පරිමාණ මුල්‍ය වංචාවකට නාවින්න මන්ත්‍රිවරයා සම්බන්ධ බවත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අතටම මාට්ටු වි ඇති බවද අකිල රනිල්ට කියා තිබේ.

මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට පවා පාර්ලිමේන්තුවට පිවිසිම  අපහසු වන බවද අකිල රනිල්ට පවසා තිබේ.

පසුගිය වයඹ පලාත් මැතිවරණයේදිද එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි. 

එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.
-
සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.

"...සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා.....ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ ...ඒ කියපු දේවල් වලට සමාව දෙන්න....."

මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව  සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

-
මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා අවලංගු කර ගැනිමට එක්සත් ජාතික පක්ෂ හෙංචයියන් සහ බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙන කණ්ඩායම් ගත් සියලු උත්සහයන් පරාජය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදිමට මෛත්‍රී කටයුතු කිරිමත් සමග කුපිතවු රනිල් සහ චන්ද්‍රිකා මේ වනවිට මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට නොහැකිව ලතවෙමින් සිටින බවත් මෛත්‍රී ඔනෑකමින් රනිල් හා චන්ද්‍රිකා මගහරිමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීට පෙරේදා නියෝග කර ඇති අතර පසුව අනුර ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..."එයා කියන හැමදේම කරන්න මට පිස්සුවක් ඇතැයි..."යනුවෙනි.
-
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේන් අවහිරයකින් තොරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරිමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තිරණයක් ගැනිමට තමන්ට සිදුවන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය අවධාරණය කරයි,ඒ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

නමුත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදුකරන අනවශ්‍ය ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් අවසන් තින්දුව ගැනිම සදහා මෙම තිරණාත්මක සාකච්ඡා සිදුකරමින් සිටි.


-
ඊළාම් සිහිනය ඇතට විසිකිරිමට කටයුතු කල මහින්ද රාජපක්ෂව  අපගේ ජනතාව විසින් පරාජය කළ බව තමිලඅරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යාපනය නවපුරම් ප්‍රදේශයේදි පැවැති වැඩසටහනකට සහභාගිවී වෙමින් අනාවරණය කළා.

“අපගේ ජනතාව පරාජයට පත්වූ ප්‍රජාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. නමුත්, උතුරු නැගෙනහිර පැවැති සෑම මැතිවරණයකදීම අපගේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂව පරාජය කළා එයයි සත්‍ය” 

මේ අතර මහින්ද රාජපක්ෂගේ පවුලේ කවුරුන් පාලන බලයට පැමිණියත්, එය දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින,දෙමළ ජනතාවගේ අනාගත අපෙක්ෂාවන් විනාශ කරන පාලනයක් වන බව කොටි සංවිධානයේ සමිපත්ම සගයෙකු වන සන් කුගවරදන් ප්‍රකාශ කර තිබේ.

මුල්ලිවායික්කාල්හිදි දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කල මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට නැවතීමේ තිත නොතැබුවහොත්, රට තුල නැවත ජාතිවාදය ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කර ඇත. බම්බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.


-
ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රගතිශිලී කණ්ඩායම නාමයෝජනා බාරදි අවසන් වනතුරු ප්‍රවේශම් සහිතව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් වලින් සහ සමස්ත ශ්‍රි ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටින බව සන්ධාන හා ශ්‍රිලනිප මහා ලේකම්වරුන් සදහන් කර සිටි.

අප විශේෂ වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතා සදහන් කළේ එජාපය ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් වල මුදල් මත යැපෙන වෙබ් මාෆියාවේ අලුගෝසුවන් මෙහෙයවන වෙබ් අඩවි මේ වනවිට අසත්‍ය වපුරමින් සිටින බවයි.එම නිසා අසත්‍යයට යට නොවී  සත්‍ය වටහා ගැනිමෙන් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර කිසිදු බෙදිමක් ඇති වි නොමැති බවත් මේ වනවිට නාමයෝජනා සැකසිම සම්පූර්ණයෙන් අවසන් කර තවදුරටත් එවා පිරික්සමින් සිටින බවයි.
-
2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමාට පැවති සහය අභිබවා ගොස් තිබේන බව  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ්.කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අනාවරණය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග  වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ.

තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි.
-