Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » CSN දහම්ට දෙන්න "නිශාන්ත" සිරිසේන වන්දනාවේ

යෝෂිත විසින් ආරම්භ කරන ලද CSN නාලිකාව සහ සිංහ FM නාලිකා සිරිසේනයන්ගේ පුත් දහම් යටතට පත්කිරිම සදහා CSN නාලිකාව සහ සිංහ FM නාලිකාවේ ප්‍රධාන විධායක ලෙස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන බියර් නිශාන්ත විසින් කටයුතු කරමින් සිටින බව LNW විශේෂ වාර්තාකරු සදහන් කරයි.

නිශාන්ත පෙන්වාදී ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය පියවරුන් දෙදෙනා හුවමාරු කරගත් ආකාරයටම CSN නාලිකව විනාශ නොකර එහි භාරකාරත්වය සිරිසේනයන්ගේ පුත් දහම් හට භාරගන්නා ලෙසත් ,රාජපක්ෂ වරුන් වෙනුවෙන් තමා පෙනීසිටින බවත් . අතීතයේ කල ආකාරයටම සියලුම ප්‍රධාන ක්‍රීඩා වල විකාශන අයිතය තවදුරටත් ඉදිරියට ගෙන යාම සදහා තමාගේ සම්බන්දතා හරහා කල හැකි බවත් , අතිවිශාල සේවක පිරිසක් සහ එංගලන්තයේ සිට ගෙන්වනු ලැබූ නවතම රුපවාහිනී මොබයිල් බස්රථයක් හිමි එකම ක්‍රීඩා නාලිකාව CSN බවත් නිශාන්ත පෙන්වා දී ඇති බව වාර්තාවේ

මේ සම්බන්දයෙන් CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරුන්ට නිශාන්ත දන්වා ඇත්තේ, සිරිසේන සමාගම සමග පවතීන සාකච්ඡා ඉතා සාර්ථක බවත් නාලිකාවේ කටයුතු සුපුරුදු ලෙස බියකින් සැකයකින් තොරව කරගෙන යන ලෙස තමාට මේවන විට සහතිතයක් දුන් බවය.

මේ අතර දහම් සිරිසේන මිට දින දෙකකට පෙර එංගලන්තය බලා ගොස් තිබේ.ජනපතිවරණයට ප්‍රථම ද එංගලන්තයේ සිටි දහම් සිරිසේන , නාමල් රාජපක්ෂ මෙන් නීතිය හදාරණ බව වාර්තා වේ.

දහම් සිරිසේන 2013 වසරේ පෙබරවාරි මාසයේදී DIG රවී වෛද්‍යාලංකාර ගේ පුතාට (අසේල) පහරදීම සම්බන්දයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව දේශපාලන බලය මත සියලුම වැරදි වලින් නිදොස් කරන ලදී .අසේල වෛද්‍යාලංකාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදීම දහම් ඇතුළු සගයන් නිදහස් කරන ලදී .

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments