Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» »Unlabelled » දුෂිත සභාපති රෝෂාන් යහපාලනයට ඇම දමයි

රාජපක්ෂලාගේ අමුතුම සුරතලා වන සීමාසහිත ලංකා සළුසල ආයතනයේ දුෂිත සභාපති රෝෂාන් මද්දුම මෛත්‍රීපාලනය සමග එක්වෙමින් සිටින බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙකු මෙම් කපුකම් කරමින් සිටින බවද LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.

සළුසල මේ වන විට විශාල ලෙස පාඩු ලබන ආයතනයක්‌ බවට පත්ව තිබෙන බවත් සේවක පඩි ගෙවීම සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් රුපියල් ලක්‍ෂ හතළිස්‌ අටක්‌ ලබාදිය යුතු වේ.තත්වය එසේ තිබියදි රාජ්‍ය දේපල විනාශ කරමින් කටයුතු කල රෝෂාන් මද්දුම දැන් යහපාලනයෙන්ද වැජඹමට සුදානම් වෙමින් සිටි.

සිය දුෂිත පාලනයට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ සංජය ලීලරත්න සමග එක්ව රාජපක්ෂගේ බිජු වල රස පෙන්වීම අරමුණු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතින් සිදුවූ බව කියන අපරාධ සම්බන්ධව ධවල කදුළු නමින් ටෙලි නාට්‍යයේ නිර්මාණය කරනය කිරිමටද දායකත්වය ලබාදුන් අයෙකි.

සේවක පිරිසකට 2009 වසරේ  ජුලි මස වැටුප් නොලැබීමේ සිද්ධියක්‌ පිළිබඳව  වෘත්තීය සමිති විසින් අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට උරණ වූ සළුසල රෝෂාන් වෘත්තීය සමිති නායකයන් කැඳවා බැණ වැදී තර්ජනය කිරිමටද කටයුතු කල අයෙකි.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments