Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» »Unlabelled » මම පාර්ලිමේන්තුව විසුරුවනවා!

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන්උරණ වි සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ "මේ මගුල් පාර්ලිමේන්තුව අදම විසුරුවන්න හිතෙනවා" යනුවෙන් පවසා තිබේ.ඊයේ සවස ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ "දිනේෂ්,විමල් එක්ක මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යැමට නොහැකි බවයි.

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඊට දැඩි විරෝධය පල කර ඇති දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් මෙසේ තීන්දු ගැනීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව පෙන්වා දුන් අතර අගවිනිසුරු මතබේදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස මෙම විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස දැඩි ලෙස ඉල්ලීම් කල නිසා අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු කල් දැමීමට කතානායකවරයාට සිදුවිය.

එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්දමා ඇත්තේ නැවත කැඳවන දිනය සම්බන්ධයෙන් ස්ථිර අදහසකින් තොරවයි. ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුයේ නම් පැවති තත්වය අනුව විපක්‍ෂ යෝජනාව ජය ගැනීමේ වැඩි ඉඩකඩක්ද මතුව තිබුනා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments