ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයේ සියලුම තොරතුරු නිතිපතා තුසිතට ලියකියවිලි සමගින් සපයන්නේ මුල්‍ය නිළධාරි නිශාන්ත වන් අතර තුසිත එම ලියවිලි මොබිටෙල් ආයතනයට තරග කරුවා වන ඩයලොග් ආයතනයට ලබාදී මුදල් ලබ ගන්නා බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ.
ඩයලොග් ආයතනය තුසිතට අමතරව නිශාන්තටද දිනපතා මුදල් ගෙවමින් සිටින බවට සාක්ෂි පවා අප වෙත එවා තිබේ.සියලුම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් හා අනෙකුත් කළමනාකරණ රැස්වීම් ඉතා රහසිගතව රෙකෝර්ඩ් කර ඒවා ඩයලොග් සමාගමට විකුණා ඇති අතර දැනටමත් ඩයලොග් ආයතනයෙන් රුපියල් මිලියන ගණනක් ලබාගෙන ඇති අතර ඒවා තැන් පත් කල බැංකු ගිණුම් පිළිබඳවද තොරතුරු අපසතුව පවතී.
පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මනින්ම ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය කඩා වැටිමේ අනතුරක් තිබෙන නිසා වහාම මෙම දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වහාම ආයතනයේ තනතුරු වලින් ඉවත් කරන ලෙසත් දන්වා යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රි ලංකා මොබිටෙල් සුරැකීමේ සංවිධානය ලිපියක්ද යොමුකර තිබේ.
ඉහත කරන ලද සියලුම චොදන හෙලිකිරිමට අවශ්‍ය සාක්ෂි අප සතුව පවතින බව චොදනා එල්ල වන්නන් දැනගෙන සිටිම හොදය.
පසුගියදා අප තුසිත හල්ලොලූව පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව පෙරලා යහපාලන ආණ්ඩුවක් හදා ගනිමින් කූප්රකට මාෆියා කරුවන් ගෙන යන කුමන්ත්‍රණ රැසක් අප හෙලි කර ඇති අතර එම කුමන්ත්‍රණයන්ට පිළිතුරු දිම අමතක කර ඇති එම කණ්ඩායම් එකිනෙකා අතර මාෆියා වෙබ් හරහා මඩ ගසමින් සිටි.
මෙකත් කියවන්න -8 පාස් නැති මැස්සෙක් ගිය උඩ........
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
No comments
Post a Comment