Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

පසුගිය දවසක  LNW ඔත්තුකරුවන් පොඩි ව්‍යායාමයකට නිදහස් චතුරශ්‍රය පැත්තට ගිය ජනපති මෛත්‍රී  මංගල ඡායාරූපය ගැනිමට පැමිණ සිටි මංගල යුවලක් සමග ඡායාරූපයකට පෙනි සිටිමේ ගොන්පාට් එකට  අදාළ ඡායාරූපයක් LNW හී පලකිරිමත් සමග Facebook ඇතුලු සමාජ වෙබ් අධවි හරහා මෛත්‍රීට කඩේ යන ඇතැමුන් අප විවේචනය කළේ අප විසින් ආදාළ ඡායාරූපය නිර්මාණය කල එකක් බව පවසමින්ය.නමුත් ගෙවිගිය සතිය තුලදි සැම වෙබ් අධවියකම වාගේ අදාළ ඡායාරූපය පලවිමත් සමග ආණ්ඩුව මෙන්ම ආණ්ඩු හිතවාදින්ද අන්දොස් වි ගොස් තිබේ.

අදාළ ඡායාරූපය පලවිමත් සමග තමන්ගේ කොන්දයි, පෞරුෂයයි සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනටද මහත් කලකිරිමක් ඇතිවි ඇති අතර මින් ඉදිරියට කිසිවෙකුත් සමග අවෙලාවේ ඡායාරූපය නොගැනිමට කටයුතු කරන බවද පවසා තිබේ.

කෙසේනමුත් මේ සිදුවුනු අපවාදයෙන් ගොඩ එමට උපක්‍රමයක් සෙවිම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සිය ලංකාදිප පුවත් පතේ මුල්පිටුවේ මෛත්‍රී ජනපති නිදහස් චතුරශ්‍රයේ ව්‍යායාම් කරන ඡායාරූපය පලකර තිබේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද වෙබ් අධවි පවත්වන් යන ආණ්ඩුවේ ප්‍රතිලාභ ලබන මාධ්‍යවේදීන් අමතා කෙසේ හෝ මෙම පුවත පලවිම හරහා මෛත්‍රීට සිදුවු හානිය අවම වන අකාරයේ පුවත් පලකරන ලෙසට ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෛත්‍රීපාලනයෙ  ඉහල පෙලේ මාධ්‍ය ප්‍රධාණියේකු LNW අමතමින් කියා සිටියේ ඉල්ලන් කෑම මෛත්‍රීගේ පුරුද්දක් වි ඇති බවයි.
හිටපු ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකුවන, රටේ ක්‍රියාත්මක මිනිස් ජාවාරමේ ප්‍රධාණියෙකු වන කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති තිරුකුමාර් නඩේෂන් මෛත්‍රීපාලන යෙන්ද යහතින් වැජඹෙන හේතුව ගැන LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා කොළඹ හිල්ටන් හෝටලයේ කාමර කීපය මැද පෙරදිග සහ තමිල්නාඩුවේ සිට පැමිණෙන මිනිස් ජාවාරම්කාර නියෝජිතයින් මුණගැසීමට සහ ඔවුන්ගේ නේවාසික පහසුකම් සපයා ඇති තිරු මිනිස් ජාවාරමෙන්ද මිලියන ගණනින් මුදල් උපයන කුප්‍රකට ව්‍යාපාරිකයෙකි.

තිරු දැන් මෛත්‍රීපාලනය සමග ලැජ්ජා නැතුව හිටගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පින්සිද්ධ වන්නටය රනිල් සමග විවිධ ව්‍යාපාරික ගණුදෙනු ඇති තිරු නඩේෂන් 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට එරෙහිව ඉන්දිය හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරිමට මහින්ද රාජපක්ෂ මහතාට පොරොන්දු ලබාදුන් බව දැන් අනාවරණය වී  තිබේ.තිරු නඩේෂන් ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්‌ ආලෝක්‌ ප්‍රසාද් ඉතා සමිපව ආශ්‍රය කල අයෙකු වන අතර ආලෝක්‌ ප්‍රසාද්ට ආතල් දිමට තිරු  Crescat Apartments හී 15/5/Bහී  සියලු මත් හා කම් සැප ලබා ගැනිමට ඉඩ සලසා දි තිබුනා.

2010 ජනාධිපතිවරණ් සමයේ  ආලෝක්‌ ප්‍රසාද් සමග මහින්ද රාජපක්ෂ මුණ ගෑසිමට ගිය නඩේෂන් පොර talk දුන්නේ ෆොන්සේකා හමුදා බලය පාවිච්චි කරන්නේ නම් ඊට භිය වියයුතු නැති බවත් එවන් අවස්ථාවක ඉන්දිය හමුදාව යොදවා එය පාලනය කිරිමට තමන් ඉන්දිය රජය සමග ආලෝක්‌ ප්‍රසාද් හරහා සාකච්ඡා කර ඇති බවයි. ඒ තරම් සමිපව හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වු දුෂිත නඩේෂන් තවමත් යහතින් සිටිමින් මේ යහපාලනයටද කෙලවන දවස වැඩි අඇතක නොවන බව අමතක නොකල යුතුය.
පුතා ගුටිකැවට මට මොකෑ - මම් අද ගොඩ 

‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් කොළඹ හා රටපුරා ක්‍රියාත්මක වන බව පොලිස් බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගත් පසුව එම මාෆියාකරුවන් සමග එකතුවු වත්මන් යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා රුපියල් මිලියන ගණනක් කප්පම් ලෙස ගත් බව ප්‍රසිද්ධ රහසකි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් පිටකොටුවේ කළු සල්ලි මධ්‍යස්ථාන කිහිපයක්ම වැටලු අතර විදේශගතව සිටින  කොටි ත්‍රස්තවාදීන් ද මහා පරිමාණයෙන් මේ කළු සල්ලි ජාවාරමට සම්බන්ධ වී සිටි බවටත් තොරතුරු අනාවරණය වි තිබුන අතර එවැනි ප්‍රභල කණ්ඩායමකින් රුපියල් මිලියින 50ක මුදලක් ලබාගනිමින් ඔහුන්ට උදවුකල බවද ප්‍රසිද්ධ රහසකි.

අවස්ථා ගණනාවකදි රවී වෛද්‍යාලංකාර මාරුකිරිම් වලට ලක්වු අතර මේ වන විට මෛත්‍රී ආණ්ඩුවේ ඔහුට ඇත්තේ මහා පිළිගැනිමකි ඊට හේතු කිහිපයක් තිබේ. එකක් නම් තමන්ගේ පුතා (අසේල වෛද්‍යාලංකාර) මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේනගෙන් අම්බානකට ගුටිකා බල්ලෙක් මෙන් සිටිම පමණක්ම නොවේ."රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යනුවෙන් පවසමින්ය.

අනත දුෂිතයෙකු වි නන්නත්තාර වී සිටි රවී පසුගියදා බෙදුම්වාදීන්ගේ ඡන්ද වලින් මෛත්‍රී ජයග්‍රහණය කල අවස්ථාවේ උතුරේ පිස්සු බල්ලන් මෙන් හැසිරෙමින් ආරක්ෂක අංශ අසරණ තත්ත්වයට පත් කල අවස්ථාවේ මෛත්‍රීට කඩේ නොව පොලේ යමින්  යාපනය ප්‍රදේශයේ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පිළිබඳ වාර්තා නොවන බවට මධ්‍ය සංදර්ශකයා විම හේතුවෙන් මෛත්‍රීට එක දමා තිබේ.

පොලීසිය සහ හමුදාව යාපනය අර්ධද්වීපයේ උපරිම ආරක්ෂාව තහවුරු කර ඇති බව යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බවටද ඔහු එදා පුරසාරම් දෙසිය.

එදා -මම අසරණ වුණා - අසේල වෛද්‍යාලංකාර

අද -තාත්තා කඩේ ගියා.


"මමයි මගේ වයිෆුයි පාසිකුඩා ආවෙ දවස්‌ කීපයක්‌ නතරවෙලා විනෝදවෙන්න. මා එක්‌ක මගේ තවත් යාලුවෙකුයි එයාගෙ වයිෆුයි ඇවිත් හිටියා.ඔය සිද්ධිය වෙච්ච දවසේ අපි බෝට්‌ටු සවාරියක්‌ ගියා. ඒ ගිහින් ඇවිත් ගොඩබැස්‌ස වෙලාවෙ කොල්ලො 15 ක්‌ විතර බීච් එකේ හිටියා. එතන හිටිය එක්‌කෙනෙක්‌ එයාගේ නාන ඇඳුම් පහත් කරගෙන මගේ වයිෆ්ට පේන්න අශෝභන විදිහට හැසිරුණා.ඒ අතරේ ඒ අයගෙන් කෙනෙක්‌ මගේ වයිෆ්ගෙ පින්තූර ගන්න පටන් ගත්තා."

"මම ඒ පුද්ගලයා ළඟට ගිහින් කිව්වා මචං මේ මගේ වයිෆ් එයාගෙ පිංතූර ගන්න එපා. ගත්ත පිංතූර ටික මකලා දාන්න කියලා.ඒ වෙලාවෙ එයා කිව්වා උඹගෙ වයිෆ්ගෙ පිංතූර අපි ගත්තෙ නැහැ. උඹ යන අතක්‌ බලාගෙන පලයන් කියලා. මම දිගින් දිගටම කිව්වා පිංතූර ටික මකලා දන්න කියලා."

"ඒත් එක්‌කම එතන හිටිය කෙනෙක්‌ මාව තල්ලු කළා. මම බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ එතන හිටිය අය මට හොඳටම ගහන්න පටන් ගත්තා."

එදා- අධිකරණයෙන් සාධාරණයක්‌ ඉටුවෙයි - නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර

අද -‘උන්ඩියල්’ කාරයන්ගේ මාෆියාව මම දුන්න සහය මාට්ටු උනොත් ඇපත් නෑ


"පාසිකුඩා වෙරළේදී සිද්ධවෙච්ච දේ ගැන මම ඉන්නෙ හරිම කනගාටුවෙන්. ඇමැතිතුමාගෙ පුතා ඇතුළු පිරිස මගේ ලේලිගෙ ඡායාරූප ගන්න ගිය වෙලාවෙ තමයි ඔය ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ.මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ මඩකලපුවෙ මගේ කාර්යාලයේ. මම පුතාව බලන්න එනකොට අතරමගදි එයාව හම්බවුණා. හෝටල් කාර්යමණ්‌ඩලය පුතාව රෝහලට අරගෙන යන වෙලාවෙ මට හම්බ වුණේ."

"මම පුතාව අරගෙන මඩකලපුව රෝහලට ගියා. පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න කියලා. අඩුම තරමින් මම මඩකලපුව පොලිසියටවත් ගියෙ නැහැ මේ පරීක්‍ෂණ කෙරෙන ආකාරය ගැන බලන්න.මම හිතනවා මගේ පුතාට වෙච්ච අසාධාරණයට අධිකරණයෙන් සාධාරණයක්‌ ඉෂ්ටවෙයි කියලා."
අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන්උරණ වි සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ "මේ මගුල් පාර්ලිමේන්තුව අදම විසුරුවන්න හිතෙනවා" යනුවෙන් පවසා තිබේ.ඊයේ සවස ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ "දිනේෂ්,විමල් එක්ක මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යැමට නොහැකි බවයි.

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඊට දැඩි විරෝධය පල කර ඇති දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් මෙසේ තීන්දු ගැනීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව පෙන්වා දුන් අතර අගවිනිසුරු මතබේදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස මෙම විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස දැඩි ලෙස ඉල්ලීම් කල නිසා අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු කල් දැමීමට කතානායකවරයාට සිදුවිය.

එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්දමා ඇත්තේ නැවත කැඳවන දිනය සම්බන්ධයෙන් ස්ථිර අදහසකින් තොරවයි. ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුයේ නම් පැවති තත්වය අනුව විපක්‍ෂ යෝජනාව ජය ගැනීමේ වැඩි ඉඩකඩක්ද මතුව තිබුනා.
රාජපක්ෂලාගේ අමුතුම සුරතලා වන සීමාසහිත ලංකා සළුසල ආයතනයේ දුෂිත සභාපති රෝෂාන් මද්දුම මෛත්‍රීපාලනය සමග එක්වෙමින් සිටින බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙකු මෙම් කපුකම් කරමින් සිටින බවද LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.

සළුසල මේ වන විට විශාල ලෙස පාඩු ලබන ආයතනයක්‌ බවට පත්ව තිබෙන බවත් සේවක පඩි ගෙවීම සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් රුපියල් ලක්‍ෂ හතළිස්‌ අටක්‌ ලබාදිය යුතු වේ.තත්වය එසේ තිබියදි රාජ්‍ය දේපල විනාශ කරමින් කටයුතු කල රෝෂාන් මද්දුම දැන් යහපාලනයෙන්ද වැජඹමට සුදානම් වෙමින් සිටි.

සිය දුෂිත පාලනයට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ සංජය ලීලරත්න සමග එක්ව රාජපක්ෂගේ බිජු වල රස පෙන්වීම අරමුණු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතින් සිදුවූ බව කියන අපරාධ සම්බන්ධව ධවල කදුළු නමින් ටෙලි නාට්‍යයේ නිර්මාණය කරනය කිරිමටද දායකත්වය ලබාදුන් අයෙකි.

සේවක පිරිසකට 2009 වසරේ  ජුලි මස වැටුප් නොලැබීමේ සිද්ධියක්‌ පිළිබඳව  වෘත්තීය සමිති විසින් අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට උරණ වූ සළුසල රෝෂාන් වෘත්තීය සමිති නායකයන් කැඳවා බැණ වැදී තර්ජනය කිරිමටද කටයුතු කල අයෙකි.
Exclusive-රාජපක්ෂලාට වඩා දේශප්‍රේමීහු තමන් සතුව සිටින බවට  පුරසාරම් දෙසු යහපාලකයෝ දින 100ය යන්නට මත්තේන් කෙලවගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ නිර්දේශය මත පත්කල් අතර අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ පුරවැසි භාවය නැති බව දැන් හෙලිවි තිබේ.අර්ජුන් මහේන්ද්‍රන්  සිංගප්පූරුව පුරවැසී භාවය පමණක් ඇත්තෙකු බව දැන් අණාවරණයි වී තිබේ.

ලංකාවේ කිසිදු අධ්‍යාපණයක් හදරා නැති අර්ජුන් මහේන්ද්‍රන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබේ.අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වරට අගමැතිව සිටි 2002 – 2004 යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කල කුප්‍රකට ව්‍යාපාරිකයෙකුද වනවා.


රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබුණු සමිප සම්බන්ධය මත මේම පත්කිරිම කර ඇති අතර ඒ හේතුවෙන් මෛත්‍රී පාලකයෝ සහ එජාප කණ්ඩායම අතර සිතල යුද්ධයක්ද ආරම්භ වී තිබේ.

ඩුබායි පදනම් කර ගත් එමිරේට්ස් එන්. ඩී. බී. මුල්‍ය කළමනාකරණ ආයතනයේ ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙස ඔහු මේ වන තෙක් සේවය කරමින් සිටියේය.වසර 30ක් පුරා ජාතික සහ ජාත්‍යන්තර තලයේ පෞද්ගලික සහ පොදු මූල්‍ය සමාගම් සහ සංවිධානයන්හි වගකීම් රැසක් දරමින් අර්ජුන් මහේන්ද්‍රන් මේ සුදානම් වන්නේ රටේ මුලය බලය සියතට ගෙන මාෆියාව ශක්තිමත් කිරිමටය.

 

''රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ,ඒ අයගේ මව්බිම ඇමරිකාවයි....... එහේම කියපු අනුර කුමාර දිසානායකලාගේ කට අද සිංගප්පුරුවේදි ගත්ත ආතල් නිසා ඒ නිසා වැසි ගිහින් තිබේ.

නිදහස් ශ්‍රි ලංකාවේ කිසිම දිනක ලංකාවේ මුදල් නෝට්ටු මත දේශිය පොලවේ අයිතිය නැති අයෙකු අත්සන් තබා නැති අතර යහපාලනය ගැන කටකයිවාරු ගැසු   මෛත්‍රී පාලකයෝ එම අයිතියටද් කෙලවා අවසන්ය.
තමන් මහින්ද රාජපක්ෂට වඩා ගොඨාභය රාජපක්ෂට කැමති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.ඉදිරියේදි පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදි එකසත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්  අගමැති සටන සදහා කවුරුන් පත්කල යුතුද යන්න සන්ධාන ප්‍රභලයන් සමග පැවති හමුවකදි මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට ගෙන ඒම සදහා නව නිදහස් සන්ධානයක් බිහි කිරිමට ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් මෙ වන විට කටයුතු කරමින් සිටින අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේද සහය ඊට හිමිවි තිබේ.ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්විම වැලැක්විම මෙම කණ්ඩායමේ එකම් අරමුණ වී තිබේ.
යෝෂිත විසින් ආරම්භ කරන ලද CSN නාලිකාව සහ සිංහ FM නාලිකා සිරිසේනයන්ගේ පුත් දහම් යටතට පත්කිරිම සදහා CSN නාලිකාව සහ සිංහ FM නාලිකාවේ ප්‍රධාන විධායක ලෙස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන බියර් නිශාන්ත විසින් කටයුතු කරමින් සිටින බව LNW විශේෂ වාර්තාකරු සදහන් කරයි.

නිශාන්ත පෙන්වාදී ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය පියවරුන් දෙදෙනා හුවමාරු කරගත් ආකාරයටම CSN නාලිකව විනාශ නොකර එහි භාරකාරත්වය සිරිසේනයන්ගේ පුත් දහම් හට භාරගන්නා ලෙසත් ,රාජපක්ෂ වරුන් වෙනුවෙන් තමා පෙනීසිටින බවත් . අතීතයේ කල ආකාරයටම සියලුම ප්‍රධාන ක්‍රීඩා වල විකාශන අයිතය තවදුරටත් ඉදිරියට ගෙන යාම සදහා තමාගේ සම්බන්දතා හරහා කල හැකි බවත් , අතිවිශාල සේවක පිරිසක් සහ එංගලන්තයේ සිට ගෙන්වනු ලැබූ නවතම රුපවාහිනී මොබයිල් බස්රථයක් හිමි එකම ක්‍රීඩා නාලිකාව CSN බවත් නිශාන්ත පෙන්වා දී ඇති බව වාර්තාවේ

මේ සම්බන්දයෙන් CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරුන්ට නිශාන්ත දන්වා ඇත්තේ, සිරිසේන සමාගම සමග පවතීන සාකච්ඡා ඉතා සාර්ථක බවත් නාලිකාවේ කටයුතු සුපුරුදු ලෙස බියකින් සැකයකින් තොරව කරගෙන යන ලෙස තමාට මේවන විට සහතිතයක් දුන් බවය.

මේ අතර දහම් සිරිසේන මිට දින දෙකකට පෙර එංගලන්තය බලා ගොස් තිබේ.ජනපතිවරණයට ප්‍රථම ද එංගලන්තයේ සිටි දහම් සිරිසේන , නාමල් රාජපක්ෂ මෙන් නීතිය හදාරණ බව වාර්තා වේ.

දහම් සිරිසේන 2013 වසරේ පෙබරවාරි මාසයේදී DIG රවී වෛද්‍යාලංකාර ගේ පුතාට (අසේල) පහරදීම සම්බන්දයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව දේශපාලන බලය මත සියලුම වැරදි වලින් නිදොස් කරන ලදී .අසේල වෛද්‍යාලංකාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදීම දහම් ඇතුළු සගයන් නිදහස් කරන ලදී .
වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා රජයේ ප්‍රධානීන් කටයුතු කරනුයේ යහපාලනය පිළිබදව ඇති කැක්කුමක් නිසා නොව තමන්ගේ දුෂිතයන් රැක ගැනීමට තමන්ට අවනත අයෙකු අගවිනිසුරු ධුරයට පත් කර ගැනීමට බව නීතිඥයින් රැසක් LNW සමග අදහස් දක්වමින් සදහන් කර සිටී.

ජනවාරි 09 වනදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අගවිනිසුරු දායකත්වය ලබා දුන් බවට කම්පියුටර් ජිල්මාට් ගැන මුසාවාද දෙසු මංගල සමරවීරම කල පැමිණිල්ලකට අනූව අගවිනිසුරුවරයා එළවීමට වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් සුදානමින් සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරිමට බලවත්ම අවශ්‍යතාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහුගේ පීඩනය හෙතුවෙන් මෛත්‍රීපාල අසරණව සිටින බවද එම නීතිඥයින් පෙන්වා දෙනවා.

මීට අමතරව මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පැමිණියේ නියමිත ආකාරයට නොවන බවටද යහපාලකයන් චෝදනා කලද ඔවුන් පෙනී සිටින ශිරාණි බණ්ඩාරනායකද පැමිණියේ හොර පාරකින් බව අද ඔවුන්ට අමතකවී ඇති බවයි එම නීතිඥවරුන් සදහන් කලේ.මොහාන් පිරීස්ගේ නීති ආධිපත්‍ය බිද වැටීම ගැන ඔවුන් කතා කලද එවකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවී සිටියදී තම  සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  සභාපති ධුරය ලබාදිමේදි නීතියේ ආධිපත්‍ය බිද වැටීම සිදුවුයේ නැද්ද යන්න ඔහුන් ප්‍රශ්ණ කර සිටිනවා. 

බලය අයුතු ලෙස යොදා ගෙන රුපියල් කෝටි තිස් නවයකට වැඩි මුදලක් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිමෙන් අනතුරුව ඔහු ඉවත් කළා.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගොනුකල  දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට තිබු අතර එහි 6වන චොදනාවද වුයේ සැමියා සම්බන්ධවය.

හයවන චෝදනාව-  සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම


නාරාහේන්පිට අභයාරාමයේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් හෙතුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.

එම අවස්ථාවට එක්ව සිටි LNW ඔත්තුකරුවන් සදහන් කළේ "සර් බයවෙන්න එපා....අපි ඉක්මනට සර්ට අවස්ථාව අරන් දෙනවා.... රනිල් එක්ක කරන්න බෑ ...."යනුවෙන් රාජිත  හිටපු ජනාධිපතිවරයාට පැවසු බවයි.කෙසේ නමුත් "රාජිත කොහොමද " යනුවෙන් පමණක්  හිටපු ජනාධිපතිවරයා විමසා සිටි බව ඔහු සදහන් කළා.
ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර මේ වන විට හෙලිකර ඇති නම් අතර සිටින ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කරුවන් වැඩි දෙනෙකු වත්මන් මෛත්‍රී පාලනයට එක්ව සිටින බව අනාවරණය වී තිබේ.LNW  ඔත්තු සේවා බුද්ධි අංශ සමග කල අදහස් හුවමාරු වලදි මේ බව අනවරණයි වී තිබේ.අනාවරණ වී ඇති නම් අතර ප්‍රධාන පෙලේ පුද්ගලයා ලෙස සිටිනු දැනට ජිවතුන් අතර නැති භාරත ලක්ෂමණ් ප්‍රේමචන්ද්‍ර වේ.(ඔහුගේ දියණීය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වනවිට මෛත්‍රී පාලනයේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටි.)

චොදනා එල්ල වි ඇති අය අතර ආණ්ඩුවට සහය නොදක්වන එකම් පුද්ගලයා වනුයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා පමණි.මේ වනවිටත් වෙළේ සුදා සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාදි තිබේ.

ඒ හැරෙන්නට අනෙකුත් ප්‍රධාන ජාවාරම්කරුවන් පිළිබඳව හෙළිකිරිමට හෝ නීතිය ක්‍රියාත්මක කිරිමට මෛත්‍රී රජයට හැකියාව නැති බවයි බුද්ධි අංශ සමාජිකයා LNW ඔත්තු කරුවන්  සමග පවසා ඇත්තේ.(අදාළ කුඩු ජාවාරම්කරුව කවුරුන්ද යන්න LNW ඔත්තු කරුවන් අනාවරණය කරගෙන තිබේ. නම් ලේඛනය ලගදිම් බලාපොරොත්තුවන්න. )

මේ හේතුව නිසා ඉතා ඉක්මනින්ම වෙළේ සුදා ඝාතනයි කර දැමිම සදහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මේ අතර ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ.

වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටියා.
ඉන්දිය රජයේ නියෝගය මත දිවයිනට පැමිණි "රෝ" සංවිධානයේ ප්‍රබලයන්  විමල් විරවංශ අත් අඩංගුවට ගැනිම සදහා අවශ්‍ය සාක්ෂි රැස්කරමින් සිටින බව LNW ඔත්තු සේවය ආනාවරණය කරගෙන තිබේ. විමල් වරදකරුවෙකු කිරිමට තරම් සාක්ෂියක් ලබාදෙන්නෙකුට ඉන්දියල් රුපියල් කෝටි ගාණක් ලබාදිමට එකඟත්වය පල කර තිබේ.මේ වනවිට විමල් සමග සබඳතාවයන් පැවැත්වු ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම පසුපස වත්මන් ආණ්ඩුව සමග විව්ධ වර්ගයේ ඩීල් කරන පිරිසක්  පන්නමින් සිටි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා   හා දෙමළ ඩයස්පොරාව TNA සංවිධානය ඇතිකරගෙන තිබේන  උතුරු නැගෙනහිර බලය බෙදාහැරිමේ ක්‍රියාවලීය සහ මුස්ලිම්  දේශපාලන පක්ෂ සමග ඇති කරගෙන තිබේන එකඟතාවයන් හේතුවෙන් ඉදිරියෙදි රජයට හා ජනපතිට එරෙහිව මහජන විරෝධතාවයක් ගොඩ නැගෙන බවත් එයට නායකත්වය දිමට හිටපු ජනපති සහ විමල් විරවංශ ප්‍රමුඛ ප්‍රභලයන් සුදානමින් සිටින බවට "රෝ" සංවිධානය අනතුරු අගවා තිබුන අතර  ඒ අනුව දිවයිනට පැමිණි "රෝ" නියෝජිතයෝ මෙම් මෙහෙයුමේ නිරතව සිටි.

රාජපක්ෂලා සම්පුර්ණයෙන් අතුගා දැමිම සදහා වන ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ "රාජපක්‍ෂ පාලනය විසින් අසාධාරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු එක්රැස්කිරීමේ කමිටුව”වට ලැබේන ඇතැම් ඇමතිවරුන්ගේ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ චොදනා සටහන් තබා නැති බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

අංක 43/20, නුගගහ පෙදෙස, පිළියන්දල පාර, මහරගම. ලිපිනයට තවමත් එකම ලිපියක් වත් තවමත් ලැබි නැති අතර  දුරකතනයෙන් සහ ෆැක්ස් මගින් අංක 0112896394. ජංගම දුරකතන අංක 0718106863ට ලැබෙන රාජපක්ෂලාට විරුද්ධ පැමිණිලි පමණක් සටහන් කරගන්නා බව අනාවරණය කරගෙන තිබේ.

රාජපක්ෂලා සම්බන්ධයෙන් තොරතුරක් ලබාදිමට යමෙකු කතා කල විට තලුමරමින් තොරතුරු විමසන බවත් ඇතැම් ඇමතිවරුන් සම්බන්ධයෙන් හෝ සිරිසේන ජනාධිපතිවරයා හෝ ඔහුට සම්බන්ධ අයෙකු පිළිබඳව තොරතුරු ලබාදීමට කතා කරන අවස්ථාවෙ එපා වාහෙට හොදි බෙදනා ආකාරයට කතා කරන බවයි තොරතුරු ලබාදීමට කතාකල බොහෝ දෙනෙකු LNW ඔත්තුකරුවන්ට පවසා ඇත්තේ.

ඒ අනුව අදාල තොරතුරු සම්බන්ධයෙන් LNW ඔත්තුකරුවන් කරන ලද විමර්ෂණයෙදි මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


යහපාලනයක් සදහා කුරුමාණම් අල්ලමින් සිටි මෛත්‍රී,මංගල සහ චන්ද්‍රිකා පෙරමුණ රනිල් අගමතිකමින් එලවිමට පිඹුරුපත් සකසන බවට LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ.දින සියක් යන විට ආණ්ඩුවේ කඩා වැටිම ආරම්භ වන බවත් එම අනතුරට මෛත්‍රී තනියම මුහුණ දිමට සිදුවන බවත් ඒ අනුව මෛත්‍රී අසාර්ථක නායකයෙකු බවට පත්කල වගකිවයුත්තන් අතර ප්‍රධානියා රනිල් බවට චොදනා නැගිම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබේ.ඒ සදහ මේ වන විටත් වෙබ් මාෆියාකරුවන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මෙම මෙහෙයුම් සාර්ථක කරගැනිම් සදහා අනිවාර්යයෙන් ජනතා විමුක්ති පෙරමුණද් සිටිය යුතු බැවින් ජවිපෙ සමග ඩීල් කිරිම සදහා මංගලගේ සමිපතම සගයා වන රුවන් ෆර්ඩිනැන්ඩස් යොදවා තිබේන අතර මේ වන විට රුවන් ජවිපෙ අංක එකේ ඩීල්කරු වන අනුර කුමාර සමග සාකච්ඡා පවත්වා තිබේ.ඒ අනුව කවදත් එජාපය සමග වෛරයෙන් සිටින ජවිපෙ එම සටනට එකඟතාව පලකර තිබේ.පසුගියදා නුගේගොඩ පැවති "බල පෙරලියට පසු" රැස්විම පැවැත්විම පසුපසද ඇත්තේ එම සාකච්ඡාව්ල ප්‍රතිපලයක් බවද LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ.

එම රැස්විම පැවැත්විම සදහා මෛත්‍රී,මංගල සහ චන්ද්‍රිකා පෙරමුණ මිලියන 3ක මුදකලක් ලබා දි තිබෙන බවටද තොරතුරු අනාවරනය වෙමින් තිබේ.
ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට කෙළ හලමින් සිටින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ධිවර අමාත්‍යංශයට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.රාජිත ධිවර ඇමතිව සිටිය කාලය තුල තම්න් කල වංචා දුෂණ වසා ගැනිම සදහා මෙම අතපෙවිම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.මේ වන විටත්  ධිවර අමාත්‍යංශය නව සභාපතිවරයා පත්විම භාරගෙන ඇති අතර ඔහුට ඉහලින් විවිධ කණ්ඩායම් පත්කිරිමට රාජිත කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

"ධීවරයා සම්පූර්ණයෙන් අමාරුවේ දැම්මා. ඔහු වැඩකළේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට. ඔහුගේ වැරදි වැඩපිළිවෙළ නිසා බටහිර රටවල් අපේ ධීවර සම්පත් නොගෙන සිටියා. එතුළින් ධීවරයාගේ ආර්ථිකයට සිදුවූ අලාභය විශාල බවයි වත්මන් ධිවර රාජ්‍ය අමත්‍ය ඩිලිප් වෙදආරච්චි ධිවර නායකයන් රැසක් හමුවු අවස්ථාවේ පවසා තිබේ."

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුගියදා අනාවරණය කළා.

ධීවරයන්ට මුහුදු ගමන්වලදි අවශ්‍ය වන ජීවිතාරක්ෂක කබා සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ සඳහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය. ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිත කරමින් චීනයෙන් ජීවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සඳහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි  දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද අනාවරණය වී ඇත.

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. 

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10කට අධික වංචාව පිළිබඳ ව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.

-
ජනාධිපතිවරයා යනු රටක පාලකයා බව අමුතුවෙන් කිවයුතු නැත.රටක් පාලනය කිරිමට රටේ නායකයා හුස්ම ගන්නෙක් විම පමණක් මදිබව අපි ඉතිහාසය පුරාවටම ඉගෙන ගෙන තිබේ. නායකයා විමට කොන්දක් මෙන්ම හොද පෞරුෂයක් තිබිය යුතුය. කොන්දයි, පෞරුෂයයි නැත්නම් ජාත්‍යන්තරය පමණක් නොව රටේ ඉන්න සමහරුන්ද දෙකට නමා .....අහවල් වැඩේ කරන දවස ඉක්මනින්ම උදාවනු ඇත.

මෛත්‍රීපාල යනු කොහොමත් කොන්දක් පමණක් නොව  පෞරුෂයයක් ද නැති අයෙකු බව ඔහුව දන්නා රටේ ජනතාවගෙන් හරි අඩකටත් වඩා දනී.(සමහර රූකඩ පාලකයන් තනන්නන් හැර) නමුත් තමන්ගේ හිමිජ කම් රටට මේ අකාරයට ප්‍රදර්ශණය කිරිමෙන් විනාශ වන්නේ සිරිසේනගේ මගුලක් නොව රටේ අභිමානයය.

පසුගිය දවසක  LNW ඔත්තුකරුවන් පොඩි ව්‍යායාමයකට නිදහස් චතුරශ්‍රය පැත්තට ගිය.හැමදාම වගේ මෛත්‍රී ජනපතිත් කාපුවා දිරවා ගන්න ඇවිත් සිටිය අතර මංගල යුවලක්ද ඒ අතර සිය මංගල ඡායාරූපය ගැනිමට පැමිණ සිටියා.ඔනෑම මගුලකට හොම්බ දාන් අපේ මෛත්‍රී ජනපති සිය ජාතික ඇදුමින් මගුලට පෙනිසිටි අයුරු.

නීතියයි අධීකරණ බලයයි බල්ලට ගිය රටක අපිට යන්තම් හරි සැනසෙන්න තිබුන නිදහස් චතුරශ්‍රයත් බල්ලට ලගදිම යනු ඇත.


හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරකු නව මුදල් ඇමති රවී කරුණානායක සමග මිත්‍රත්වයක් ඇති කරගනිමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාගේ ස්කාගාරයේ නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය රැකගැනීමට උත්සාහ කෙරෙමින් තිබෙන බව  LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ. 

සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා නීති විරෝධී ලෙස රටපුරා බෙදාහරිමින් තිබෙන වයඹ ඩිස්ටිලරිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන නිසා රුපියල් කෝටි සිය ගණනක ආදායම් රජයට අහිමි කරමින් පත්වාගෙන යමින් සිටී. මේ බව හෙළි වූයේ පසුගිය 17 වනදා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් බෝතල් 60,000 නීති විරෝධී මත්පැන් බව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වීමෙන්ය.

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මත්පැන් ව්‍යාපාරයේ සියලුම කටයුතු කරගෙන යන්නේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටී ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා විසින් බව හෙළිවේ. ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබූ අතර රටපුරා තිබෙන 100කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බව හෙළි වේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව මත්පැන් ගබඩා කර තැබිම, ප්‍රවාහනය තහනම් වන අතර ඒ සඳහා නීත්‍යානූකූල අවසරයක් ලබා ගත යුතුය. එසේම මත්පැන් බෝතල් 4කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමද නීති විරෝධීය වන අතර එසේ ප්‍රවාහනය කරන්නෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කිරීමේ හැකියාවක් පවතී. එවැනි තත්වයක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් බෝතල් 60,000 නීත්‍යානුකූල බව පවසමින් මුදාහැරීමේ සූදානමක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර එසේ උවහොත් දැවැන්ත මුදලක් රජයට අහිමි වන අතර රාජපක්ෂ පාලනයේ දිගුවක් බවට ඉතා කෙටි කලකින් මෙම ආණ්ඩුව පත්වීමක් පෙන්වන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප‍්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත‍්‍රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප‍්‍රශ්නය ගැන සංවාදය භ‍්‍රමනය වූයේ බලය බෙදීමේ ආකෘතිය කුමක් විය යුතුද යන්න වටා නම් රාජපක්ෂ එය ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීම පවා ‘මහත් අපරාධයක්’ ලෙස සලකුනු වෙන තැනකට ගෙන ආවේය. දෙමල ජනතාවට ඉතිහාසයේ දී අසාධාරනයක් විය යන අදහස 2009 ට පෙර යුගයේ දකුනු ලංකාවේ ‘සාමාන්‍ය දැනුමේ’ කොටසක් ලෙස තිබුනා නම් රාජපක්ෂ ව්‍යාපෘතිය එම සාමාන්‍ය දැනුම අකා මකා දැමීය. දැන් එම සාමාන්‍ය දැනුම සංයුක්ත වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය  ඕපපාතිකව බිහි වූ බවටත් දෙමල ජනයාට දෙමල වීම නිසා විශේෂ ප‍්‍රශ්නයක් නැති බවටත් වන සංකල්පනයෙනි.

සංස්කෘතික තලයේ සිංහල ජාතිකවාදය ජයග‍්‍රාහී වූ කැපී පෙනෙන ලක්ෂ්‍යයක් වන්නේ සදාචාරවාදය ලැබූ ජයග‍්‍රහනයයි. දුම්පානය සීමා කරන නීති, මතට තිත, ඉරිදා ටියුෂන් විරෝධය ආදිය හරහා ප‍්‍රකාශයට පත්වූයේ සිංහල බෞද්ධ සදාචාරවාදය ලැබූ ප‍්‍රගමනයයි. මෙම සදාචාරවාදී අලංකාරිකය පසුපස ආර්ථිකමය නව ලිබරල්කරනය සාර්ථක ලෙස සිය අඩු පඩු විදහා ගන්නට වන්නේය. අධ්‍යාපනය ඇතුලූ සමාජ අයිතීන් වෙලඳපොලකරනයට ලක් කිරීමේ සිට සමාජය ප‍්‍රාග්ධන සංසරනයට උචිත ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ‘ජාතික භෞතික සැලැස්්ම’ දක්වා මෙම නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විහිදෙන්නේය. මූලික වශයෙන් චීන ආධාර මත සිදු කල යටිතල පහසුකම් නැංවීමේ මෙගා ව්‍යාපෘති වූ කලී කාර්යක්ෂම ප‍්‍රාග්ධන සංසරනයට අවශ්‍ය කරන ලෙස සිදු කල භෞතික ප‍්‍රතිසංස්කරනයන්ය. ව්‍යාපාර වලට නිදහස දීම, ආයෝජන ගෙන්වා ගැනීම ආදිය ගැන මහත් උත්කර්ෂයෙන් කථා කෙරෙන්නට වූ අතර නිෂ්පාදනයේ ඵල බෙදී යාම පිළිබඳ සංවාදයකින් තොරව ද්‍රව්‍යමය ධනය වැඩි කිරීම මෙම උත්කර්ෂය පසුපස පැවැති තාර්කිකයයි. මෙම මොඩලය ‘අයවැය සහන දීම’ වැනි සරල සුබසාධන ක‍්‍රියාවල අයිසිංවලින් සරසා තිබෙන්නකි. සංවර්ධනය වූ කලී ගෝලීය ප‍්‍රාග්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉදිකෙරෙන අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොලවල් සැදීමය යන්න මේ වනවිට පොදුජන ‘සාමාන්‍ය දැනුමේ’ කොටසකි. මෙම ඒකමානීය සංවර්ධනවාදය පශ්චාත් 2009 යුගයේ ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ හෙජමොනික සැකැස්මේ තවත් මානයකි.

ඉහත කී සියලූ ලක්ෂන ශක්තිමත් රාජ්‍යයක් නමැති ව්‍යුහය තුල සවිමත්ව පෙල ගස්වා තිබේ. ඒ අනුව රාජපක්ෂ රෙජිමය යනු හුදෙක් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල නොවේ. එම රෙජිමයේ දේශපාලන වැදගත්කම වූ කලී එය විසින් ලංකාව තුළ බිහි කල නව හෙජමොනික බල සැකැස්මයි.

මෙම සන්දර්භය තුල තබා වර්තමාන ජනාධිපතිවරන ආරෝව සලකා බැලූ විට අපට පෙනෙන්නේ කුමක්ද? රාජපක්ෂට එරෙහි විකල්ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන ‘අලූත් රටක්’ ගැන පොරොන්දුවක් රට ඉදිරියේ තබයි. එහෙත් හරයෙන් ගත් විට රාජපක්ෂ විසින් ගොඩනැගූ හෙජමොනිය අබිබවා යන ස්වභාවයක් මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරයිද? ජනප‍්‍රියවාදී මැතිවරන වේදිකා වල මේ ගැන කථා නොවුනත් මේ මොහොතේ බැරෑරුම්ව සලකා බැලිය යුත්තේ මේ ප‍්‍රශ්නයයි. රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රීපාල ව්‍යාපෘතිය ද ස්වකීය සුජාතභාවය ලබා ගන්නේ සිංහල මහජාතිවාදී කතිකාව තුලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන එය නගන ඝෝෂාව 18 වන සංශෝධනය අහෝසි කිරීමට සීමාවූවකි. ජාතික ප‍්‍රශ්නය ගැන ඔහුගේ ව්‍යාපාරය නිශ්ශබ්දය. ජාතික පීඩනය කියා දෙයක් ගැන ඔහුගේ ව්‍යාපාරය කථාකරන්නේවත් නැත. රාජ්‍යයේ ඒකීයභාවය සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බවට වූ ආන්ඩුක‍්‍රම ප‍්‍රතිපාදනයන්ට ( මේ සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වගන්ති වේ ) තමා අත නොතබන බවට හෙතෙම ප‍්‍රතිඥා දෙන්නේය. ජාත්‍යන්තර බලවේග වලින් රනවිරුවන් රැකගන්නා බවට ද ඔහු ශපථ කරයි.

ආර්ථික තලයේදී පවතින නව ලිබරල්වාදී ආර්ථික චින්තනය පිළිබඳ කිසිදු බැරෑරුම් විවේචනයක් ඔහුගේ ව්‍යාපාරය තුල නැත. මෙගා ව්‍යාපෘති සම්බන්ධ ඔහුට තිබෙන ප‍්‍රශ්නය ඒවායෙන් ගසාකෑම් සිදුවීම පමනි. අධ්‍යාපනය සමාජ අයිතියක සිට වෙලඳ භාන්ඩයක් දක්වා පිරිහෙලන ශිෂ්‍ය නය ක‍්‍රම ආදී යෝජනා ඔහු විවෘතව ඉදිරිපත් කරයි. පවතින ඒකමානීය සංවර්ධනවාදය රාජපක්ෂ පවුලේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමය ඔහුගේ ප‍්‍රවේශය වන්නේ. මෙමගින් සිදුවිය හැකි උපරිම දෙය රාජපක්ෂ පවුලේ ගජමිතුරන් කවයක අත පවතින ආර්ථික බලය සාම්ප‍්‍රදායික ධනපති කණ්ඩායම් වෙත යලි මාරු වීමකි. දුම්පානය නතර කිරීම, සුරා සූදුවට වැට බැඳීම, අරක්කු මත්පැන් වලින් තොර රටක් හැදීම බඳු සදාචාරවාදී සටන්පාඨවලට ඔහුගේ ප‍්‍රතිපත්ති තුළ සුවිශේෂී වටිනාකමක් තිබේ.

මෛත‍්‍රීපාලගේ ව්‍යාපාරය සන්දර්භගත වී තිබෙන්නේ රාජපක්ෂ විසින් බිහිකල හෙජමොනික සැකැස්මේ  හතර මායිම තුලය. එය වෙනත් හැඩයකින් ප‍්‍රතිනිෂ්පාදනය කරනවාට වැඩි දෙයක් ඔහුගේ ව්‍යාපෘතිය විසින් අඩු තරමින් යෝජනා කරන්නේවත් නැත. මේ නිසා එලැඹෙන ජනවාරි 08 වන දා කවුරු දින්නත් මෙරට පීඩිත ජනකොටස් වලට අභිමුඛ වනු ඇත්තේ එකම හෙජමොනික බල සැකැස්මකි. පරන වතුර පරන බෝතලයෙන්ම බොනවාද? ඒවා අලූත් බෝතලයකින් බොනවාද? මේ ජනාධිපතිවරනය තුළ ප‍්‍රධාන දහරාව විසින් ඉදිරිපත් කොට තිබෙන තේරීමයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට පත්කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

රාජිත සේනාරත්න මහලේකම් ධූරයට පත්කරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යටතේ තරඟ කිරීමට ජාතික හෙල උරුමය එකඟත්වය පලකර ඇත. කෙසේ වුවද එම යෝජනාව පිළිබඳ කාරණය සැලවීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක පිරිසක් දැඩි ලෙස කලබලයට පත්වී ඔවුන් ඊයේ (22) රාත්‍රී තිලංග සුමතිපාල මහතාට අයත් කොල්ලුපිටියේ ‘The Great Wall' රෙස්ටුරන්ට් හි රැස්වී දීර්ඝ වශයෙන් ඒ පිළබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී රාජිත සේනාරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාලය. ඒත් එහිදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි සී.බී. රත්නායක හා ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම යෝජනාවට බරපතල ලෙස විරෝධය පලකරමින් වත්මන් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා (අප්‍රියා) මහතා තවදුරටත් මහ මහලේකම් ධූරය තබා ගත යුතු බව කියා තිබේ. එහිදී තවත් මන්ත්‍රීවරු පිරිසක් කියා ඇත්තේ පක්ෂයේ ජේෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න මහලේකම් ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජිත සේනාරත්න මහතා කලින් කලට පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් එසේම ඔහු 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ‘ප්‍රා' නැමැති මිනීමරු කල්ලිය මෙහෙයවමින් තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමූ පුද්ගලයා බව සඳහන් කර ඇත. එසේම මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු වූ බවටත්, මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීමෙන් මන්ත්‍රීධූර අහෝසි වූවෙකු බව කියමින් රාජිත මහලේකම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී වෙනත් පක්ෂයක් හැදීමට සිදුවන බව පවසා තිබේ.

ජාතික හෙල උරුමය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික ගැටළු සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් පැවති අතර පසුව එය සමතයකට පත්කිරීමට මුල් වී ඇත්තේ රාජිත අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්නය. ඔහු අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්' සංවිධානයේ පුරෝගාමී පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට මුල්ම සැලසුම සකසා පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ මෙකී පිවිතුරු හෙටක් සංවිධානයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බව රහස් පොලිසිය හරහා ප්‍රකාශයක් නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.එම ප්‍රකාශය පදනම් කරගනිමින් ඉදිරියේදී තිස්ස අත්තනායකට විරුද්ධව නඩු පැවරීමට සුදානම් බවයි LNW ඔත්තු සේවය සදහන් කළේ.

"හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ඉතාමත් කූඨ ආකාරයකින් තමන්ගේ අත්සන යොදා ගනිමින් හොර ලියකියවිලි සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේදි චොදනා කර සිටියා.

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය 13 වන සංශෝදනයට එහා ගිය බලතල ලබා දීම ,උතුරු නැගෙනහිර පළාත් වල රණවිරුවන් ඉවත් කර ගැනීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් ගිවිසුමකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන අත්සන් තබා ඇති බවට තිස්ස අත්තනායක චොදනා කර සිටියා.

ජනාධිපතිවරණ සමයේ දිවි කැපකරමින් මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය ලබාදුන් පක්ෂ සමාජිකයන්ට තනතුරු බෙදීමේදි කුඩම්මාටත් එහාගිය ක්‍රමවේදයක් මෛත්‍රී සහ රනිල් අනුගමනය කරන බවට  තනතුරු ලැබුවන් චොදනා කර සිටි.මුදලට සහ විවිධ වරප්‍රසාදයන් ලබාගත් මාෆියාකරුවන්ට තනතුරු ලබාගැනිමෙදි කිසිදු කොන්දේසියක් දමා නැති වුවත් කැපකිරිම් කර වැඩකල වැදගත් අයට තනතුරු දිමේදි කොන්දේසි රැසක් දමා තිබේන බවයි ඔහුන් චොදනා කර සිටියේ. 

සංස්ථා සභාපතිකම් පැවරිමෙදි අදාළ සභාපතිකම පමණක් ලබා දි ඇති අතර ඊට පහලින් ඇති කිසිදු තනතුරක් පිරවිමට ඔහුන්ට බලය නැති බව පවසා තිබේ.අදාල තනතුරු සදහා පත්කිරිම් සදහා බලය ඇත්තේ  මෛත්‍රී සහ රනිල් හැරුණු විට රාජිත සහ රතන් හිමියන්ට පමණක් බවටඩ් ඔහුන් චොදනා කර සිටියා. 
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන් වන විශ‍්‍රාමලත් විදුහල්පතිනි හෙන්නායක මුදියන්සේලාගේ ලීලාවති පොඩිමැණිකේ මහත්මියගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී විමට ගිය ජනපති මෛත්‍රී අම්බානකට චාටර් වි ඇති බව වාර්තා වේ.නමුත් අදාල සිද්ධිය වෙබ් අධවි ඔස්සේ ප්‍රචාරය විම වහාම වලක්වන ලෙස ජනපති මෛත්‍රී ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානට නියෝග කර තිබේ.

කතාව මෙසේය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන්ගේ අවමගුලට ජනපති මෛත්‍රී  බදුල්ල ආර්. එච්. ගුණවර්ධන මාවතේ පිහිටි නිවසට ගියද කිසිවෙකුගෙන් ඔහුට හොද් ප්‍රතිචාරයක් ලැබිම තියා අසුන්ගෙන සිටි කිසිවෙකුත් අසුනෙන් නැගිටිමටවත්  උත්සහ දරා නැත.පසුව එම ස්ථානයේ සිටි පැරණි ප්‍රාදේශිය මන්ත්‍රිවරයෙකු දිව විත් "එන්න ..ජනාධිපතිතුමා " යනුවෙන් පවසමින් නිවස තුලට කැඳවාගෙන ගොස් තිබේ.

පසුව දේහයට අවසන් බුහුමන් දැක්විමට පැමිණි අයෙකුගේ දරුවෙකුට අර ප්‍රාදේශිය මන්ත්‍රිවරයා ජනපති මෛත්‍රී පෙන්වා පවසා ඇත්තේ "පුතේ...... මේ අපේ ජනාධිපතිතුමා" යනුවෙනි..... අර කුඩා දරුවා ගත් කටටම කියා ඇත්තේ..."මේ අපේ ජනාධිපතිතුමා නෙවේ...අපේ ජනාධිපතිතුමාව් අපි දන්නවා" යනුවෙනි.

ඉන්පසු සිදුවු දෙයෙන් කියාගන්නට බැරි තරමට අසරණ වු මෛත්‍රී හැරෙන තැපැලෙන් ගොස් තිබේ.
මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ‍පොලිස්පති මහින්ද බාලසුරිය අතරට පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ නාමයද එකතුවෙමින් තිබෙන් බව වාර්තා වේ.

වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි ‍පොලීසිය විශ්වාසය පළ කරන අතර දුමින්ද මන්ත්‍රීවරයාගේ, ‍ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙන්ඩරුව, අතුල විජේසිංහ , පියසිරි රාමනායක සහ විපක්ෂ නායක ජේ. සී අලවතුවල යන පිරිස එක්ව වයඹ පළාත් සභාව පෙරලිමට කටයුතු කිරිමත් සමග විනිල්ගේ පැටකිරියද අනාවරණය වී තිබේ.

අලවතුවල මහතාගේ දුව විවාහ වී ඇත්තේ පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ පුතා සමගය. අලවතුවල මහතා අනාවරණය කරන ආකාරයට විනිල් මැණික් කුඩු ජාවාරමේද යෙදෙන්නේය. ඔහුගේ වම්  අත පුරා  විශාල පච්චයක් කොටා ඇත. ලඟදි අලවතුවල මහතාද එසේ පච්චයක් කොටාගැනීමට ගිය බව වාර්තා වේ .

ලක්ෂ්මන්, අතුල විජේසිංහ සහ පියසිරි රාමනායකට පළාත් සභාව පෙරලා අලවතුවලට මහ ඇමතිකම ලබාදීම වෙනුවෙන්  මිලියන 15 බැගින් දීමට කටයුතු කරන්නේ විනිල් මැණික්ය. 
රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්නට සූදානමින් සිටි වත්මන් ආණ්ඩුවේ මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ පට්ටම් සියල්ලටම කෙලවිමටම ඔහුගේ ලේකම්වරයාව සිටින පරදේශක්කාර ප්‍රනාන්දු නැමැත්තා කටයුතු අරමින් සිටින බව වාර්තා වේ. 

අමාත්‍යවරයා හමුවිමට පැමිණෙන් කාන්තාවන් සමග වත්තල නගරයෙන් ඇතට වන්නට පිහිටා ඇති නවාතැන් පලක යහන්ගතවන මෙම හැට පැන්න ලේකම්වරයා යහනට වි කාන්තා අග-පසග අතගාමින් සිටින විට ගැබුරු නින්දකට වැටෙන බවද වාර්තා වේ.

 මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් කටයුතු කලද ප්‍රනාන්දුට එරෙහිව පැමිණෙන් පැමිණිලි ලැබුනද් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජෝන්ට හැකියාවක් නැතිව ඇත්තේ ජොන්ගේ සියලු පෙර වැරදි දන්නේ ඔහු නිසා බවයි ජෝන් සිය සමිපම මිතුරෙකුට පවසා ඇත්තේ.

" ඔකාට පනිෂ් කරන්න ගියොත් මගේ හැම කැරැට්ටුවම ඔකා තැන තැන කියන්න ගනීයි...."ඔන්න ජෝන් ගෙන් ප්‍රනාගැන ඇසු මිතුරාට ලැබුන පිළිතුරය.

මේ අතර පසුගියදා නීතිය අතට ගෙන  මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග කටයුතු කල බවට තොරතුරු වාර්තා වු අතර ඒ පසු පස සිටින්නේද ප්‍රනාන්දු බවයි අනාවරණය වි ඇත්තේ.

ප්‍රනාන්දුගේ එහෙයියෙකු වි සිටින ජොන් එජාප පාක්ෂිකයෙකු වත්තල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන සිටියදී ජෝන් අමරතුංග විසින් ඔහු නිදහස් කරන ලෙස පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවමත් රෝහලේ සිටියදී චුදිතයා පොලිස් ඇප මත නිදහස් කළ නොහැකි යයි ස්ථානාධිපති එරික් පෙරේරා විසින් ඇමැති ජෝන්ට පිළිතුරු දුන් විට “නෑ මම කිව්වා කියලා පොලිස් පොතේ ලියාගෙන පුද්ගලයා නිදහස් කරන්න“ යි ජෝන් පවසා තිබේ. නීති ගරුක පොලිස් නිලධාරියා විසින් ජෝන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එවිට “අයිසේ අපි දිනලාත් අපිට මෙහෙම දෙයක් වත් කරගන්න බැරිනම් වැඩක් නැහැනේ“ යයි ජෝන් පවසා ඇත්තේ මහජන ඡන්දය යනු නීතිය අතට ගැනීමට දෙන ලයිසොමක් යැයි සිතා විය යුතුය. 

මෛත්‍රී යහපාලනයේ ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග විසින් වත්තල පොලීසියට බලපෑම් කරන්නට ගොස් පීචං වූයේ මෙසේය. 

දැන්....දැන් ප්‍රනාන්දුගේ පාරේ යමින් ජෝන් කරන්නාවු මේ පිචං වැඩ හේතුවෙන් වත්තල ජනයා අතර පිරිහිමකටද ජෝන් පත්ව සිටින බව ජෝන් ගැන වත්තල මිනිස්සු කියන කතාවලින් ආනාවරණය වෙමින් තිබේ. 

සමහරවිට හෙට - අනිද්දා ජෝන් වෙනුවට ජනතා හිත දිනාගත් නීතිඥයෙකු වත්තලට පත්විමට ඉඩකඩ ඇති බවයි තවදුරටත් වත්තලෛන් ලැබෙන aආරංචිමාර්ග සදහන් කළේ.

උපුටා ගැන්ම -ලංකා එක්ස් 
මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙන දේශප්‍රේමි බලවේග මර්දණය කර රාජපක්ෂලා වැට්ටිම සදහා ඉන්දිය රජයේ නියෝගය මත "රෝ" සංවිධානයේ ප්‍රබලයන් කිහිපදෙනකු දිවයිනට පැමිණ තිබේන බව ලංකා නිවුස් වෙබ් ටුඩේ ඔත්තු සේවාවන්ට අනාවරණය වි තිබේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා   හා දෙමළ ඩයස්පොරාව TNA සංවිධානය ඇතිකරගෙන තිබේන  උතුරු නැගෙනහිර බලය බෙදාහැරිමේ ක්‍රියාවලීය සහ මුස්ලිම්  දේශපාලන පක්ෂ සමග ඇති කරගෙන තිබේන එකඟතාවයන් හේතුවෙන් ඉදිරියෙදි රජයට හා ජනපතිට එරෙහිව මහජන විරෝධතාවයක් ගොඩ නැගෙන බවත් එයට නායකත්වය දිමට හිටපු ජනපති සහ විමල් විරවංශ ප්‍රමුඛ ප්‍රභලයන් සුදානමින් සිටින බවට "රෝ" සංවිධානය අනතුරු අගවා තිබේ.

විශේෂයෙන්ම කල්තියාම විමල් විරවංශව අඩපණ කිරිම අත්‍යවශය කාරනයක් බව "රෝ" සංවිධානයට පසුගියදා ඉන්දිය සංචාරයෙදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර අවධානය   තිබේ.සංචාරය අතරතුර නිළ නොවන මට්ටමේ "රෝ" සංවිධානයේ ප්‍රභලයන් කිහිපදෙනෙකු  සමග සාකච්ඡා පවත්වා තිබේ.

තිරණාත්මක අවස්ථාවකදි විමල් විරවංශ වැනි දේශපාලකයන්ට සමාජ මතය ගොඩනැගිමට ඇති ඉඩකඩ ඇහිරිම ඉතා ඉක්මනින් සිදුකල යුතුබවත් ඒ සදහා විමල් අඩපණ කිරිමේ මෙහෙයුම් දියත් කළයුතු බවත් ඒ සදහා වහාව වැඩපිළිවෙළක් සකස් කල යුතුබවත් රනිල් සිය සමිපතම සගයන්ට පවසා තිබේ.