Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » "මහින්ද" භීතිකාව උග්‍ර අතට - මහා මැතිවරණ එපා ඉන්දිය රජය මෛත්‍රී-රනිල් පගර නැට්ටන්ට දැනුම් දේ

මහින්ද රාජපක්ෂ මහතා රටේ දේශපාලනයෙන් අතුගා දමන තුරු මැතිවරණයක් නොපැවැත්විමට මෛත්‍රීපාල සිරිසේන හා පිං අගමැති රනිල් වික්‍රමසිංහ තිරණය කර තිබෙන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරනය කළා.ඉන්දිය රජයේ විශේෂ නියෝගය මත මෙම තින්දුව ගෙන ඇති අතර කවර උපක්‍රමයක් හෝ යොදවා මැතිවරණය කල් දැමිම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන් දිවිය අවසන් කිරිම සදහා කටයුතු කිරිම මෛත්‍රී-රනිල් ප්‍රධාන අරමුණ වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම රාජපක්ෂ නාමය ලංකාවෙන් අතුගමා දැමිය යුතු බවට චන්ද්‍රිකා,රනිල් හා මෛත්‍රී හරහා විව්ධ උපක්‍රම ක්‍රියාත්මක කරවිමට ඉන්දිය රජය උත්සහ ගත්තද මෙ වනවිට එම සියලුම කුමන්ත්‍රණ අසාර්ථක වි තිබේ.

මේ වන විට රටේම ජනප්‍රියම පුද්ගලයා බවට මහින්ද රාජපක්ෂ පත්ව ඇති බවත් ජනවාරි 8 වැනිදා වන විට තිබුනු ජනප්‍රියත්වය මේ වනවිට තවත් සියයට 40කින් වර්ධනය වි ඇති බව ඉන්දිය රෝ ඔත්තුකරුවන් හරහා අනාවරණය කර තිබේන අතර ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂ නාමය කෙසේ හෝ ශ්‍රි ලංකාවෙන් අතුගා දමන තුරු මහා මැතිවරණයක් පැවැත්විම මෛත්‍රී-රනිල් දෙදෙනාටම අනතුරුදායක බව ඉන්දිය රජය පෙන්වා දී තිබේ.

මේ අතර පසුගියදා උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරික් සොල්හයිම්,විදේශ අමාත්‍ය මංගල සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ දකුණු අප්‍රිකාවේ හිටපු විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නියෝජිතයෙකු යැයි හදුන්වමින් සිටි අයෙකු එක්ව ලන්ඩනයේ් පැවැති රහසිගත සාකච්ඡාවෙදි මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන මාධ්‍ය සංදර්ශණය දිගටම පෙන්වමින් මෙ ආණ්ඩුව පවත්වාගෙන යැමේ මෛත්‍රී- රනිල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබේන බව පෙනෙන්නට තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments