වසර 30ක යුද්ධය නිමාවුනි. ඒ කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම මගිනි. ත්‍රස්තවාදය තුරන් කොට සාමයේ කිරුල අප හට ලැබුනේ රන් බන්දේසියක තබා නම් නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව දහස්ගණන් රණවිරුවෝ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවිපිදූහ. දිනාගත් සෑම බිම් අඟලක්ම අප රණවිරුවන්ගේ ලෙයින් තෙත් වී ඇත. රත්පැහැ තල් ගෙඩි බැබලෙන්නේ ද, ඉදුනු මිරිස් කරල් රතට දිලේන්නේ ද උතුරුකරයේ සෞභාග්‍යය උදා කරවූ ඒ රණවිරුවන් සිහිපත්කරනු වස් මෙනි. සොබාදහමට අමතක නොවූ මේ වෙනස අපට අමතක විය යුතුද ද? අප අමතක කරවිය යුතු ද?
ඒ දෙදහස් නවයේ මැයි මස 18 වනදායි. පන්සල් ,පල්ලි වල ඝන්ඨා නද දෙන්නට විය. ආගම් ජාති කුලමල භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව ප්‍රීතියෙන් ඉපිලෙමින් ප්‍රීතිඝෝශා නැගූහ. සිංහල මුස්ලිම් දමිල භෙදයකින් තොරව ජාතික කොඩිය අතට ගෙන ජයඝෝශා කරමින් පාරවල් වල සැරිසැරූහ. මහ පාරේ කිරිබත් ඉවූහ. මෙම සිදුවීම් හුදෙක්ම අව්‍යාජ විය. හදවතට අමතක නොවූ මේ වෙනස අපට අමතක විය යුතුද ද? අප අමතක කරවිය යුතු ද?
වැදු මවත් දිනූ රටත් ස්වර්ගයට වඩා උතුම්ය යනුවෙන් කියමනක් ඇත. ඔබ මවු කුසින් උපන් මිනිසෙක්නම් , ඔබ ඉපදුනු පොළවට ආදරය කරන්නෙකි. ඔබෙන් අහිමිවුනු , බෙදී වෙන් වුනු ලක්මාතාව ඔබ සැම එක්වී ලබා ගත් දිනය අමතක කරන්නේ කෙසේද? ඔබට එසේ අමතක කල හැකිනම් ඔබ මනුෂ්‍යයෙක් ද යන ප්‍රශ්නය නිතැතින් නැගෙනු ඇත.
සමහර ඊනියා විදග්ධ විද්වතුන් රට මුදාගැනීමේ දිනය සැමරීම වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලනු දක්නට ලැබිනි. සමහරුන් පවසන්නේ මෙය සැමරීම මගින් එක් ජනකොටසක හිත රිදෙන බවයි. මෙම ජයග්‍රණය යම් පිරිසකට ලඝු කොට යුධ ජයග්‍රහණය ලැබුවේ මේ අය පමනකැයි දක්වා, රටේ සමස්ථ ජනතාවම ලැබූ මේ ජයග්‍රහණය බෝඩ් ලෑලි කිහිපයකින් දිය කර හරින්නට කැස කවන ඩොලර් කාක්කන් දුටුවිට මොවුන් පොලවට ජනිතවූයේ ඕපපාතිකවදැයි ඇසීමේ කිසිදු වරදක් නැත. යුධ සමයේ සීත කාමරවල සිට සින්තටික් රූප පෙට්ටි නරඹා රෑට බටහිර තානාපතිකාරයින් සමග බාල්නටා සවුදිය පිරූ මහත්වරුන්ගෙන් යුධ සමයේ ත්‍රස්තවාදයෙන් පීඩිත අප ගැන එදා නැති කැක්කුමක් අද බලාපොරොත්තු වන්නේ නම් අප තරම් මුග්ධයින් රැලක් තවත් නැත.
පසුගිය දශක කිහිපයේ සිංහල හා දමිල අපගේ සිත් රිදෙන්නට ඇත. ඒ රිදුනු සිත් තුල දෙමළ ජාතිවාදය පෝෂණය කරන්නට දමිළ ජාතිවාදීන් සමත්වන්නටද ඇත. නමුත් අප තුල ශ්‍රී ලාංකිකයින් ලෙස ඇතිවී තිබෙන එකමුතුව, ඒ මිතුදම වේලුපිල්ලේ පිරබාහර්න්ගේ දෘශ්‍ය මායාවන්ට වඩා බලවත් බව කෙදිනක හෝ වටහාගත හැකිවනු ඇත. කාලයා විසින් එය විසඳනු ඇත. ඒ මායාවන් අමත වී යනු ඇත.
නොබෝ දිනකින් ඒ සැමරුම් දිනය උදාවනු ඇත. එය අපගේ විජයග්‍රහණයේ සැමරුමයි. විජයග්‍රණය ලබාගත්තේ සිංහල අප වෙනුවෙන් හෝ මුස්ලිම් අප වෙනුවෙන් හෝ දමිළ අප වෙනුවෙන් හෝ නොවේ. ශ්‍රී ලාංකික අප වෙනුවෙනි. ලක්මවගේ දරුවන් වන අපට රටක් ලෙස රොද බැඳගැනීමට ජවයක් ජනිත කලාවූ මේ දිනය අමතක නොකරමු ! අමතක කරවීමට ඉඩ නොදෙමු !
~ඉසුරු රන්දෙනිකුමාර~
යුතුකම සංවාද කවය
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment