අපේ කතාවේ කතා නායක වැලි රාජු වනාහී කෝටිපතියෙකි. පොළොන්නරුව ලක්ෂ උයන ප‍්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මේ කතා නායකයා අනතුරුව පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ප‍්‍රබල ඇමැතිවරයෙක් වීම නිසාම ඔහුගේ අනෙක් සොහොයුරන් හට රටේ ප‍්‍රබලම කෝටිපතියන් බවට පත්වීමට ඒතරම් කාලයක් ගත නොවීය.
කුලියට ගත් වෑන් රථයකින් ගස්ලබු එකතුකර කොළඹට එවා ජීවිකාව සරිකරගත් රාජුගේ එක් සහෝදරයකුට සිය අයියණ්ඩියගේ දේශපාලන බලයේ අනුහසින් වෙන්දේසියකට තබා තිබූ සුවිශාල හෝටලයක් තුට්ටු දෙකට මිලදී ගැනීමට හැකි වූයේ කොළඹ සිට පැමිණි ව්‍යාපාරිකයන් හට මඟ රැක සිට පිස්තෝල එල්ල කර පලවා හැරීම නිසාය. එතැන් සිට ඔහු වසර කීපයක ඇවෑමෙන් රටේ ප‍්‍රධාන සහල් මාෆියාවේ ද කෙරුමකු බවට පත්විය. රටේ අනෙක් දිස්ත‍්‍රික්කවලින් පොළොන්නරුවට වී මිලදී ගැනීමට පැමිණෙන ලොරිවලට මැර ප‍්‍රහාර එල්ල කර පලවා හැරීම ඔහුගේ විනෝදාංශයක් බඳු විය. අනෙක් සහෝදරයා ප‍්‍රධාන පෙළේ ගල් මෝල් හිමිකරුවකු හා මහා පරිමාණ කොන්ත‍්‍රාත්කරුවකු බවට පත්විය.
අපේ කතාවේ කතා නායකයා වැලි රාජු, වී මෝල් හිමි තම සහෝදරයාගේ වී මෝලේ ලියන මහත්තයා ලෙස කටයුතු කළේය. තවත් කලක් එකී සහෝදරයාගේම කොළඹට නුදුරුව පවත්වාගෙන ගිය වාහන වෙළෙඳසැලේ කළමනාකරු ලෙසද කටයුතු කළේය. ඒ මීට වසර 5 ට පමණ පෙරය.
රාජුගේ ඇමැති සහෝදරයා පොළොන්නරුවේ වැලි සම්පත සිය දේශපාලන බල ව්‍යාපෘතියට යොදා ගනිමින් සිටියේ ද මේ කාලයේය.
වෙනත් පක්ෂවලින් ඉවත්ව තමන් සමඟ එක්වන සියල්ලන්ම ඔහු වැලිමංකඩක් සඳහා බලපත‍්‍ර පිරිනැමුවේ පරිසර නීති කිසිවක් නොතකමිනි. ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ටත් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටත් ඇමැති සොහොයුරාගේ කාර්ය මණ්ඩලයේ සියල්ලන්ටමත් වැලි ගොඩ දැමීමේ බලපත‍්‍ර ලැබුණේ ඒ අනුවයි.
මේ වැලි ගොඩ දැමීමේ බලපත‍්‍ර (පර්මිට්) මාසයකට ගොඩ දැමිය හැකි වැලි කියුබ් ගණන අනුව වර්ග 3 කින් යුතු විය. එහි තේරුම, පිළිවෙළින් වැලි කියුබ් 100, 150, 210, වශයෙන් මාසයකට ගොඩ දැමිය හැකි බවය. පසුගිය කාලයේ ජවිපෙ හැර ගිය හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු මේ කියන ඇමැති සොහොයුරා සමඟ එක් විය. ඔවුන්ට ද 150 වැලි ගොඩදැමීමේ බලපත‍්‍ර 2 ක් දොළ පිදේනියක් ලෙස හිමිවිය.
ඇමැතිවරයාගෙන් ලැබුණු වැලි බලපත‍්‍ර 4ක් රාජුට තිබුණි. ඔහු ටික කලකින්ම වැලිමංකඩ රජා බවට පත්විය. තමන් සතුවූ වැලිමංකඩ හතරේ කම්කරුවන් යොදා වැලි ඇදීමෙහි නිරත වූ රාජු කෙටි කලකින්ම බලපත‍්‍ර 35 ක හිමිකරුවකු බවට පත්විය. ඔහු කළේ ඇමැතිවරයා විසින් හිතවතුන්ට ලබාදෙන වැලි ගොඩදැමීමේ බලපත‍්‍රය එම හිමිකරුට යම් මුදලක් ගෙවා තමන් සතුකර ගැනීමය. රාජු, වැලි රාජු ලෙස නාමකරණය වුයේ එලෙසය.
තමන් මිල දී ගන්නා වැලි බලපත‍්‍ර එකකට ඔහු අයිතිකරුට වැලි කියුබ් එකකට රු. 500 ක් ලබා දුන්නේය. ඒ අනුව 150 පර්මිට් එකකට ඔහු අයිතිකරුට එක් මසකට රු. 75,000 ක මුදලක් ගෙවීය. 210 පර්මිට් එකකට 105,000 ක් ගෙවීය. කම්කරුවන් සිය ගණන් යොදා ඔහු මංකඩ තිස් ගණනක වැලිගොඩ දැම්මේය. වැලි පර්මිට් එකේ ගණන 150 ක් වුවද ඔහු තම සොහොයුරාගේ ඇමැති බලයේ පිහිටෙන් කියුබ් 250 ක් පමණ ගොඩ දැම්මේය. මේ නිසා වැලි රාජුට හිමි වූ බලපත‍්‍ර 35 න් අඩුම තරමේ වැලි කියුබ් 9000 කට වඩා මාසිකව ඔහු විසින් ගොඩට ඇද ගත්තේය. එසේ අදින ලද වැලි කියුබ් එකක් සමාගම මිලදී ගත්තේ රුපියල් 1600 කටය. ඒ අනුව බලන විට ඔහු සාමාන්‍යයෙන් මාසිකව 144,00000 (එක්කෝටි හතලිස් හතර ලක්ෂයක්* පමණ ආදායමක් ලබන්නකු බවට පත්විය.
සහල් මාෆියාවේ සොහොයුරන් තවත් බිස්නස් රාශියකට මේ කාලයේ දී අතගසා තිබුණි. ඒ අතරින් එකක් වූයේ මාර්ග සංවර්ධනයේ දී අතුරන සිමෙන්ති ගල් නිෂ්පාදනයයි. ඔහුගේ ගලකට වඩා අඩු මිලකට වෙනත් සැපයුම්කරුවෙක්ගෙන් සිමෙන්ති ගල් ලබාගත හැකිවිය. එහෙත් එසේ පිටස්තර සැපයුම්කරුවන්ගෙන් ගල් ලබාගත් තැනැත්තන්ට නැවත දිස්ත‍්‍රික්කයේ කොන්ත‍්‍රාත් අහිමිව යන නිසා ඒ සියල්ලන් වැඩි මිලට ගල් ගත්තේ ඔහුගෙන්ම පමණි. මේ සඳහා වැලි ලබා ගත්තේ රාජුගෙනි. අනෙක් සහෝදරයාගේ මහා පරිමාණ කොන්ත‍්‍රාත්වලට වැලි සැපයීම කෙරුනේ ද රාජු හරහාය.
මේ කාලය තුළ දී වැලි රාජු ටිපර් රථ 32 ක් මිලදී ගත්තේය. ඔහු කොළඹට වැලි ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය ද සියතට ගත්තේය. චම්පික ඇමැතිගේ හෙංචයියන් ඇට වූ වැලි සමාගමට ගොඩට අදින හැම වැලි කැටයක්ම විකිණිය යුතු විය. වැලි කියුබ් එකක් සමාගම මිලදී ගත්තේ රු. 1600 කටය. සමාගම වැලි ප‍්‍රවාහනය කරන අයට කියුබ් එක අලෙවි කළේ රුපියල් 2880 කටය. කියුබ් 3 ක් සහිත වැලි ටිපර් එකක් කොළඹ දී අලෙවි වූයේ රුපියල් 28,000 – 32,000 ක් අතර මිලකටය. (මේ වන විට එම මිල මීට බෙහෙවින් වැඩිය.) ඒ අනුව 2880 ඥ 3 ු 8640 කි. මේ සඳහා ප‍්‍රවාහන බලපත‍්‍රවලට යන වියදම් හා සාමාන්‍යයෙන් ඉන්ධන වියදම් ඇතුළු සියල්ල අඩු කළ විට වැලි ටිපර් එකකින් අවම වශයෙන් රු. 10,000 ක ශූද්ධ ලාභයක් ලැබේ. වැලි රාජු තමන් සතු ටිපර් 32 න් මාසිකව තවත් ලක්ෂ 30 ක් 40 ක් උපයනු ලැබීය.
එක් අවස්ථාවකදී වන ජීවී දෙපාර්තුමේන්තුව මඟින් අවසර නොමැතිව ට‍්‍රැක්ටර් යොදා වැලි අදිමින් සිටි වැලි රාජුගේ ට‍්‍රැක්ටර් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ ගැන දැනගත් වැලි රාජු දණ්ඩෙන් පහර ලත් නාගයෙක් සේ කිපුණේය. අත්අඩංගුවට ගත් ට‍්‍රැක්ටර් වහාම නිදහස් කරන ලෙස දුරකතනයෙන් නිලධාරීන්ට තර්ජනය කළද ඵලක් නොවීය. ඔහු තවත් සහචරයන් කිහිප දෙනකු සමඟ වන ජීවී කාර්යාලයට කඩා වැදුණේය. මේ මැර පිරිස විසින් එහි තිබූ සියලූ ලිපි ලේඛන ද සමඟ කාර්යාලය ගිනිබත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩුවක් ද පවරන ලදී.
කෙසේ වෙතත්, එතැන් සිට කිසිදු බාධාවකින් තොරව ඔහු වැලිමංකඩ රාජා සේ වැජඹෙන්නට විය. පොලිසිය ඔහු අනවසරයෙන් අදින වැලි ලොරි නොදැක්කා සේ අහක බලා ගත්තේය. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීහු මේ වැලි රාජු නම් යෝධයා අබියස අඟුටු මිට්ටෝ වූහ.
මිනිහෙක් තුළ කළු පැත්තක් සේම සුදු පැත්තක් ද තිබේ. වැලි රාජුගේ කතාවේ ඒ කොටස නොලියා තැබුවහොත් එයද සාධාරණ නොවේ. දේශපාලන බලයෙන් රජෙක් වුණු මේ මිනිසා තමන් ළඟ වැඩ කරන සේවකයන්ට දෙවියෙක් විය. ඔහුගේ මළගමට පැමිණි වඩුමුනේ දෙමළ ගම්මානයේ මිනිසුන් වැලි රාජුගේ මිනිය දැක හඬා වැලපුනේ බොරුවට නොවේ. වඩුමුනේ කැලේ ගෙඟන් වැලි අදින කිසිවකුට යුද හමුදාවෙන් හෝ බාධාවක් නොපැමිණුනේ ඒ අදින්නේ රාජුට දෙන වැලි බව දන්නා නිසාය. ඔවුන්ට අලූත් අවුරුද්දට සෑහෙන තරම් මුදලක් රාජුගෙන් ලැබුණි.
මේ මිනිසා පසුගිය කාලයේ පිං පොතක්ද පවත්වා ගෙන ගියේය. දුක කියාගෙන ගිය අයට දෙන මුදල පිං පොතේ ලියැවුණේය. වනජීවි නිලධාරීන් පවා දුක කියාගෙන ගියේ ඔහු ළඟටය. තමා ළඟම සිටි සියල්ලන් ද තමන් හරහා ගොඩ යන බව ඔහු බොහෝ දෙනා සමඟ කීවේ ආඩම්බරයෙනි. වැලි රාජු ළඟම සිට වැඩ කළ සුද්දා මෑතකදී ලක්ෂ 70 කට වාහනයක් ද මිල දී ගෙන තිබුණි. කෙසේ වෙතත් ඔහුගේ ළඟ සිටි බොහෝ දෙනා ඔහු අතහැර ගියහ. ඒ ජනාධිපතිවරණයෙන් සති දෙකකට පසුවය. ජනාධිපතිගේ විශේෂ නියෝගයකින් වැලි ඇදීම තහනම් කළ නිසා එය එසේ විය. ඉන් පසුව වැලි ප‍්‍රවාහනය ද තහනම් විය.
වැලි ඇද ජීවත් වූවෝ උද්ඝෝෂණය කළේ වැලි රාජුගේ අයියා ගත් තීරණයට එරෙහිවය. උද්ඝෝෂණයට වැලි රාජුගෙන් ලැබුණේ නොමඳ සහයකි. උද්ඝෝෂණය කළවුන් සොය සොයා පොලිසිය ලූහුබඳින්නට ගත්විට වැලි රාජු කෝපයෙන් මොර ගෑවේය.
” ඕකගෙ අම්මට….” ඔහු වැලිමංකඩ ජනයා ඉදිරියේ බීමතින් ගිගිරුවේය.
”ඒ අම්මා උඹෙත් අම්මනෙ…..”
අයෙක් කීවේ උපහාසයෙනි, වැලි රාජු ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙපරිද්දෙනි.
”උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….”
අපි අම්මලා දෙන්නෙක්ගෙ….”
දැන් පරිසර අමාත්‍යාංශය අයත් වන්නේ ද ඒ අනෙක් අම්මාගේ පුතාටය. රජ ඔටුන්නට තරම්ම ඔහු පරිසර ඔටුන්නට ආසා කරන හේතුවක් තවත් දිග කතාවක මූලාරම්භයකි. එක් වැලි පර්මිට් එකකින් භූ විද්‍යා කාර්යාංශයට මසකට රු. 32,000 ක මුදලක් ගෙවිය යුතුය. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පමණක් වැලි පර්මිට් 400 කට වඩා ඇත. මඩකලපුවේ, ත‍්‍රිකුණාමලයේ, මහියංගනයේ ආදී ලෙස රට පුරාම තවත් දහස් ගණනකි. මුළු එකතුවේ අගය කෝටි ගණනකි. මේවා රජයට එකතු වන්නේ ඊට කුඩා
අගයන්ගෙනි. පරිසර අමාත්‍යාංශය වනාහි ධන නිධානයකි. චම්පික එය තමන්ගෙන් ඉවත් කළාට කිපුණේ ඒ නිසාය. අළුත් රජවරු පවා ඊට මෙතරම් කැමැත්තේ ද ඒ නිසාය.
වැලි රාජුගේ දේහයට අවසන් ගෞරවය පුද කරන්නට පැමිණි මැති ඇමැතිවරු ගණන නිමක් නැත. අගමැතිවරයා ද පැමිණුනි. වාසුදේව නානායක්කාර වැනි මන්ත‍්‍රීන් ද පැමිණුනි.
සියලූ දෙනා බලාපොරොත්තු සහගතව සිටියේ වැඩිමහල් සහෝදරයා චීනයේ සිට එනතුරුය. එහෙත් ඔහු ආවේ නැත. ඇතැම් විට සිය සොහොයුරා පොරෝ පහරක් වෙනුවට වෙඩි පහරකින් මිය ගියේ නම් ඔහු පැමිණෙන්නට ඉඩ තිබුණි. පවුලේ සියල්ලන් කෝපයෙන් බැන වැදුණි.
නවීන මෝටර් රථ සිය ගණනකින් සැදි අවමංගල පෙරහැරකින් වැලි රාජුගේ දේහය 28 කණුව කනත්ත දක්වා රැගෙන එද්දී පොලිස් රථ විදුලි පහන් දල්වා ගෙන ඒ ඉදිරියෙන් විය.
මාර්ගයේ ගමන් කරමින් තිබුණු වෙනත් වාහන වෙනත් මාර්ගවලට හරවා යවමින් මේ ‘අසහාය මිනිසාගේ’ දේහය සහිත අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරවය සහිත උත්සවයක් බවට පරිවර්තනය කළේය.
තමන් යන්නට ආ ගමන යා නොහැකිව මහපාර අයිනේ පැයකට වඩා කොටු වී සිටි ජනයාගේ මුහුණේ ලියැවී තිබුණේ නොරිස්සුමක සේයාවකි.
අවසන් ගමන් ගියේ මිනී ගඳින් පිරුණු ධනේශ්වර දේශපාලන පොර පිටියේ කරණම් ගැසු වැලි රාජුය. සිය අයියණ්ඩියගේ දේශපාලන බලයේ පිහිටෙන් කෝටිපතියෙක් වූයේ මේ වැලි රාජුය. පොලිසියත් වන ජීවීයත් එකී දේශපාලන බලය යොදා දණ ගැස්ස වූයේ ද මේ වැලි රාජුය. සිය අයියණ්ඩිය එකී දේශපාලන ගමන් මගේ ඉහළම හිනිපෙත්තට පය තබා දින 75 ක් ඉක්ම ගිය තැන වැලි රාජු තමාගේම කලණ මිතුරකුව සිටි අයකු එල්ල කළ මාරාන්තික පොරෝ පහරකට ගොදුරුව මිය ගියේය.
අප මේ හෙළි කළේ වැලි රාජු පිළිබඳ බොහෝ මාධ්‍ය හිතා මතා වසන් කළ කතාවකි. එම ඇත්ත කතාව හෙළි කිරීමට අප අදහස් කළේ මියගිය මිනිසාට අවමන් කිරීමට නොවේ. වැලි රාජුගේ මරණය යට සැඟව පවතින මේ තිත්ත සත්‍යය රට දැනගත යුතුයැයි අප දැඩිව විශ්වාස කරන නිසාය.
එය විතරක් නොව, වැලි රාජුට එල්ල වූ පොරෝ පහර යට සැඟව ඇති අතිශය පෞද්ගලික කුණු රස වෑහෙන කතා අපේ කතාවට අපි එකතු නොකළෙමු. ඒ, එකී ඛේදජනක ඉරණම විසින් නිරුවත් කරන්නේ දේශපාලන බලයෙන් පිම්බෙන සියලූ ව්‍යාජ වීරයන්ගේ පෞද්ගලික ජීවිත වසා පැතිරුණු පිළිලයන් බව අප අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. (වැලි රාජුගේ අවසන් කටයුතු සියැසින් දැකගන්නට ගියෙමි.)
සැඳෑ කළුවර වසා පැතිරෙමින් තිබියදී මමද කනත්තෙන් ප‍්‍රධාන පාරට පිවිස ආදාහනාගාරයෙන් පිටවන දුම්රොටු දෙස බලා සිටින පවුලේ ඥාතීන් අතරට එක්වුණෙමි. ඔවුන්ගේ මැලවුණු මුහුණු කැමරාවට හසු කරගනිමින් ඔවුන්ගෙන් ඉවතට පියමං කළෙමි.
එහෙත් වැලි රාජුගේ කතාව මෙතෙකින් සමාප්ත නොවේ. කන්ද උඩරට සිට ගලා බස්නා ගංගාවෝ හෙටත් ජල පහරේ වැලි ද ගෙන එන්නාහ. මේ වැලි අධිරාජ්‍යයේ හෙට ද තවත් රාජු කෙනෙක් බිහි නොවෙතැයි කාට නම් කිව හැකිද?
විශේෂ ලියුම්කරුවෙකු විසිනි
උපුටා ගත්තේ ජන රළෙන්
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment