Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ණයට කහින එක පුරුද්දක්ද?

රාජ්‍ය නොවන සංවිධාන වල ඩොලර් කුට්ටි වලට ගිජුවි තමන්ගේ රට පමණක් නොව අවශ්‍ය නම තමන්ගේ බිරිඳ,දරුවන් හෝ ඔනෑම අයෙකුට උගස් තැබිමට දෙවරක් නොසිතන නමුත් මහා දේශප්‍රේමින් ලෙස පොර ටොක්ස් දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි කියන නමුත් තුන් හතර දෙනෙකුට වඩා නැති සංවිධානයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මාධ්‍ය නිදහස අමතක කර රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය තර්ජනය සාධාරණීකරණය කරමින් සිටින බව වාර්තා වේ.

කෙලින් හිටගෙන වචන 10ක් කතාකල නොහැකි වික්‍රමසිංහලාට පොඩි අප්පුඩියට ගිය චුන් එක නිසාම මාධ්‍යට කල තර්ජනය හේතුවෙන් රනිල් පාරේ බැහැලා ගියද අනිත් මන්ත්‍රිවරුන්ට පාරේ බැහැලා යන්නට විදියක් නැති බව පැවසිම හේතුවෙන් රනිල්ගේ මාධ්‍ය තර්ජනය සාධාරණීකරණය කිරිමේ කාර්යය සුනිල්ට පවරා තිබේ.
ඒ අනුව ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන මෙන්ම බලහත්කාරයෙන් වෙබ් අධවි වලද පල කරමින් සිටි.

අග්‍රාමාත්‍යවරයා කිසියම් ආවේගයකින් එම කාරණය පැහැදිලි කළ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව බලන විට ඉහත කී ප්‍රකාශය කිසි සේත් මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන බවයි  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකරගේ මතය වි ඇත්තේ.

ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව ඔබ පවසන්නේ නම් අපට සුනිල් අයියාගෙන් අසන්නට ඇත්තේ උතුරේ සිදුවන දෑ වාර්තා කරනය ජාතිවාදයද යන්නයි.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments