සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට පත්කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
රාජිත සේනාරත්න මහලේකම් ධූරයට පත්කරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යටතේ තරඟ කිරීමට ජාතික හෙල උරුමය එකඟත්වය පලකර ඇත. කෙසේ වුවද එම යෝජනාව පිළිබඳ කාරණය සැලවීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක පිරිසක් දැඩි ලෙස කලබලයට පත්වී ඔවුන් ඊයේ (22) රාත්‍රී තිලංග සුමතිපාල මහතාට අයත් කොල්ලුපිටියේ ‘The Great Wall' රෙස්ටුරන්ට් හි රැස්වී දීර්ඝ වශයෙන් ඒ පිළබඳව සාකච්ඡා කර තිබේ.
එහිදී රාජිත සේනාරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාලය. ඒත් එහිදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි සී.බී. රත්නායක හා ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම යෝජනාවට බරපතල ලෙස විරෝධය පලකරමින් වත්මන් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා (අප්‍රියා) මහතා තවදුරටත් මහ මහලේකම් ධූරය තබා ගත යුතු බව කියා තිබේ. එහිදී තවත් මන්ත්‍රීවරු පිරිසක් කියා ඇත්තේ පක්ෂයේ ජේෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න මහලේකම් ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවයි.
මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජිත සේනාරත්න මහතා කලින් කලට පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් එසේම ඔහු 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ‘ප්‍රා' නැමැති මිනීමරු කල්ලිය මෙහෙයවමින් තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමූ පුද්ගලයා බව සඳහන් කර ඇත. එසේම මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු වූ බවටත්, මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීමෙන් මන්ත්‍රීධූර අහෝසි වූවෙකු බව කියමින් රාජිත මහලේකම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී වෙනත් පක්ෂයක් හැදීමට සිදුවන බව පවසා තිබේ.
ජාතික හෙල උරුමය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික ගැටළු සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් පැවති අතර පසුව එය සමතයකට පත්කිරීමට මුල් වී ඇත්තේ රාජිත අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්නය. ඔහු අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්' සංවිධානයේ පුරෝගාමී පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට මුල්ම සැලසුම සකසා පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ මෙකී පිවිතුරු හෙටක් සංවිධානයයි.
Main News
Powered by Blogger.
About Me
Blog Archive
-
▼
2015
(1028)
-
▼
January
(25)
- ඉල්ලන් කෑම මෛත්‍රී පුරුද්දක්!
- නඩේෂන් හොඬවැලේ එල්ලේයි- 2010 කළ හමුදා කුමණ්ත්‍රනය ...
- ‘උන්ඩියල්’මාෆියා රවීට මෛත්‍රී පාලනයෙන් හොද කලක්
- මම පාර්ලිමේන්තුව විසුරුවනවා!
- දුෂිත සභාපති රෝෂාන් යහපාලනයට ඇම දමයි
- ශ්‍රී ලංකා මහ බැංකුව සිංගප්පූරුවට උකස් කරයි!-නව අධ...
- ගොඨාට,මෛත්‍රී කැමතිලු
- CSN දහම්ට දෙන්න "නිශාන්ත" සිරිසේන වන්දනාවේ
- මොහාන් පිරිස් එලවන්න හදන්නේ රෙදි ඇදගෙනද?
- රාජිත,මහින්දට කිව්වෙ මොනවද!
- වෙළේ සුදාගේ ගොලයෝ මෛත්‍රී ආණ්ඩුවේ!
- විමල් අල්ලන්න "රෝ" සාක්ෂී සොයා යයි
- ජවිපෙ අමුතුම කමිටුව!
- රනිල් එලවන සටන අරඹයි-මංගල අගමැති
- වංචා වසා ගන්න රාජිත ධිවර අමාත්‍යංශයට අත ගසයි
- බල්ලට ගිය රටේ ජනපති
- ජොනීගේ අරක්කු රවී බේරයි!
- මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය
- "ප්‍රා" රාජිත ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට
- "තිස්ස" අල්ලන්න CID මෙහෙයුමක්
- මෛත්‍රී සහ රනිල්ගේ අමුතුම බෙදිල්ල
- මේ අපේ ජනාධිපති නෙවේ....
- කුඩු මාෆියාව අතරට විනිල්ගේ නමත්
- ජෝන්ට කෙලවන හැට පැන්න මනමාලයා
- මහින්ද,විමල් වට්ටන්න "රෝ" දිවයිනට
-
▼
January
(25)
LNW ඔත්තුකරු
විශේෂාංග
Circle Gallery
‹
›
කුමන්ත්‍රණ
දේශපාලන
විශේෂ ලියුම්කරු
Tagged with: conspiracy
About Lanka News Web
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Subscribe to:
Post Comments (Atom)
No comments
Post a Comment